Monday, April 21, 2025
Home » දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අනුමැතිය

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට අනුමැතිය

by yasara
February 20, 2025 4:03 pm 0 comment

දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි.

2024-12-09 දිනැති සහ 2025-02-03 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණ මඟින් පිළිවෙලින් 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස පනත් කෙටුම්පත් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව, අදාළ සංශෝධන ඇතුළත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සකස් කර තිබෙයි.

එම පනත් කෙටුම්පත් සඳහා නීතිපතිගේ අවසරය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත් රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරිණි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT