Monday, April 21, 2025
Home » ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය සෙවීමට පොලීසිය මහජන සහාය පතයි

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකාරිය සෙවීමට පොලීසිය මහජන සහාය පතයි

by chanaka
February 20, 2025 12:06 pm 0 comment

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වන මෙම කාන්තාව 25 හැවිරිදි වියේ පසුවන අත​ර ඇයගේ ජාතික හැදුනුම්පත් අංකය 995892480v වේ.

එමෙන්​ම අංක 243/01 මීගමුව පාර, ජය මාවත, කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත් පොලිසිය සඳහන් කරයි.

කෙසේ නමු​ත් මෙම සැකකාර කාන්තාව පිලිබද තොරතුරක් වෙතොත් පහත අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ අපරාධ කොට්ඨාශය අධ්‍යක්ෂ – 071-8591727
කොළඹ අපරාධ කොට්ඨාශය ස්ථානාධිපති – 071 8591735

තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය සුරකින බවත් සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT