Monday, April 21, 2025
Home » හරක් කටාට CIDයෙන් පනින්න උදවු කළ PC ඉන්දියාවේදී අල්ලයි

හරක් කටාට CIDයෙන් පනින්න උදවු කළ PC ඉන්දියාවේදී අල්ලයි

by Gayan Abeykoon
February 20, 2025 1:26 am 0 comment

රක්ෂණ ශ්රියන්ත, කටු­නා­යක - ටී.කේ.ජී. කපිල

නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැති සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රුට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ අත්අ­ඩං­ගු­වෙන් මිදී පලා යෑමට ආධාර අනු­බල දුන් පොලිස් කොස්තා­ප­ල්ව­රයා වන රවිඳු සන්දීප ඇතුළු සිවු­දෙ­නකු ඉන්දි­යාවේ සිට ශ්‍රී ලංකා­වට ඊයේ (19) රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීති­වේදී බුද්ධික මන­තුංග මහතා කියා සිටි­යේය.

පොලිස් මාධ්‍ය ප්‍රකා­ශ­ක­ව­රයා මේ බව කියා සිටියේ බත්ත­ර­මුල්ල සුහු­රු­පාය පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රව­ණා­ගා­රයේ පැවති මාධ්‍ය හමු­වට ඊයේ (19) එක් වෙමිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීති­වේදී බුද්ධික මන­තුංග මහතා,

ඉන්දි­යාවේ සිට පිටු­ව­හල් කරන ලද අප­රා­ධ­ක­රු­වන් හතර දෙනකු අද (19) ලංකා­වට ගෙන­එනු ලැබුවා. ඔවුන් ලංකාව තුළදී අප­රා­ධ­ව­ලට සම්බන්ධ වුණු පුද්ග­ල­යන්. එක් පුද්ග­ල­යකු සඳහා රතු නිවේ­දන පවා ලබා­ගෙන තිබුණා. ඔහු ඉන්දි­යා­වේදී අත්අ­ඩං­ගු­වට පත් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා පොලී­සිය සමඟ සන්නි­වේ­ද­නය සිදු කිරී­මක් කළා. ඉන්පසු ඉන්දීය පොලී­සිය මඟින් මින් පෙර දෙදෙ­නකු ශ්‍රී ලංකා­වට පිටු­ව­හල් කර තිබුණා. අනෙක් දෙදෙ­නාත් අද සවස ලංකා­වට පිටු­ව­හල් කරනු ලබ­නවා. ඉන් අන­තු­රුව ශ්‍රී ලංකා පොලී­සිය මඟින් ඔවුන් අත්අ­ඩං­ගු­වට ගෙන ඔවු­න්ගෙන් ප්‍රශ්න කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

මෙම පුද්ග­ල­යන් හතර දෙනා අත­රින් එක් පුද්ග­ල­යකු වන්නේ 2023 වර්ෂ­යේදී නඳුන් චින්තක වික්‍ර­ම­රත්න නැත­හොත් හරක් කටා යනු­වෙන් හඳු­න්වනු ලබන මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්කරු නැත­හොත් අප­රා­ධ­ක­රුට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පැන යෑමට කුම­න්ත්‍ර­ණය කිරීම, ඒ සඳහා ආධාර අනු­බල දීම කියන වර­ද­වල් සිදු කරපු හිටපු පොලිස් කොස්තා­ප­ල්ව­ර­යායි. ඔහු විසින් සැල­සුම් සකස් කර තිබුණා මෙම අප­රා­ධ­ක­රුට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වෙන් පැන යෑමට.

නමුත් එම පැන යෑමේ ක්‍රියා­ව­ලිය සාර්ථක වුණේ නැහැ. කෙසේ වුවත් ඉන් අන­තු­රුව මෙම හිටපු පොලිස් කොස්තා­ප­ල්ව­රයා නීතිය මඟ­හැර ගොස් සිටියා. අව­සාන වශ­යෙන් ඔහු ඉන්දි­යා­වට නීති විරෝ­ධීව පලා යෑමක් සිදු කර අද දින ඔහු ශ්‍රී ලංකා­වට ගෙනාවා. ඔහු ඉදි­රි­යේදී ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සයේ රඳවා තබා­ගෙන වැඩි­දුර ප්‍රශ්න කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

ඒ වගේම අනෙක් පුද්ග­ලයා වන්නේ මඩ­වල කපු­රා­ළ­ලාගේ අමිල චන්දා­නන්ද නොහොත් අමිල යනු­වෙන් හඳු­න්වනු ලබන අප­රා­ධ­කරු. ඔහුත් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවා­රම්, මුදල් වංචා කිරීම් යන අප­රා­ධ­ව­ලට සම්බන්ධ තැනැ­ත්තෙක්. ඔහුත් නාරා­හේ­න්පිට ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙක්. ඔහු සම්බ­න්ධ­යෙ­නුත් ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය මඟින් රඳවා තබා­ගෙන ප්‍රශ්න කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

අනෙක් පුද්ග­ල­යන් දෙදෙනා වන එරන්ද පුෂ්ප­කු­මාර හෙට්ටි­ආ­රච්චි, රත්නා­යක වීර­කෝන් අරෝ­ශන් මඳු­ශාන්ත නමැති අප­රා­ධ­ක­රු­වන් දෙදෙ­නාත් මිනී­මැ­රුම් චෝදනා, මත්ද්‍රව්‍ය චෝදනා, කොල්ල­කෑමේ සිද්ධීන් සම්බ­න්ධ­යෙන් ශ්‍රී ලංකා පොලී­සි­යට අව­ශ්‍යව සිටි සහ දැන­ට­මත් ඔවුන් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට කරුණු වාර්තා කර ඔවුන් සම්බ­න්ධ­යෙන් නඩු කට­යුතු පැවැ­ත්වෙ­මින් තිබෙන පුද්ග­ල­යන්. ඒ අනුව මෙම පුද්ග­ල­යන් හතර දෙනාම ශ්‍රී ලංකාව තුළ සංවි­ධා­නා­ත්මක අප­රාධ සිදු­ක­රපු අප­රා­ධ­ක­රු­වන්. ඔවුන් ලංකා­වට ගෙන ඒමට හැකි­යාව ලැබී තිබෙ­නවා. ඒ අනුව ඔවුන් සම්බන්ධ ඉදිරි විම­ර්ශන කට­යුතු ත්‍රස්ත විම­ර්ශන කොට්ඨා­සය සහ අදාළ පොලිස් ස්ථාන මඟින් සිදු කිරී­මට බලා­පො­රොත්තු වෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT