නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැති සංවිධානාත්මක අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් මිදී පලා යෑමට ආධාර අනුබල දුන් පොලිස් කොස්තාපල්වරයා වන රවිඳු සන්දීප ඇතුළු සිවුදෙනකු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ඊයේ (19) රැගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල සුහුරුපාය පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨාස ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවට ඊයේ (19) එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා,
ඉන්දියාවේ සිට පිටුවහල් කරන ලද අපරාධකරුවන් හතර දෙනකු අද (19) ලංකාවට ගෙනඑනු ලැබුවා. ඔවුන් ලංකාව තුළදී අපරාධවලට සම්බන්ධ වුණු පුද්ගලයන්. එක් පුද්ගලයකු සඳහා රතු නිවේදන පවා ලබාගෙන තිබුණා. ඔහු ඉන්දියාවේදී අත්අඩංගුවට පත් වීමෙන් පසු ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා පොලීසිය සමඟ සන්නිවේදනය සිදු කිරීමක් කළා. ඉන්පසු ඉන්දීය පොලීසිය මඟින් මින් පෙර දෙදෙනකු ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබුණා. අනෙක් දෙදෙනාත් අද සවස ලංකාවට පිටුවහල් කරනු ලබනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොලීසිය මඟින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙම පුද්ගලයන් හතර දෙනා අතරින් එක් පුද්ගලයකු වන්නේ 2023 වර්ෂයේදී නඳුන් චින්තක වික්‍රමරත්න නැතහොත් හරක් කටා යනුවෙන් හඳුන්වනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු නැතහොත් අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම කියන වරදවල් සිදු කරපු හිටපු පොලිස් කොස්තාපල්වරයායි. ඔහු විසින් සැලසුම් සකස් කර තිබුණා මෙම අපරාධකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යෑමට.
නමුත් එම පැන යෑමේ ක්‍රියාවලිය සාර්ථක වුණේ නැහැ. කෙසේ වුවත් ඉන් අනතුරුව මෙම හිටපු පොලිස් කොස්තාපල්වරයා නීතිය මඟහැර ගොස් සිටියා. අවසාන වශයෙන් ඔහු ඉන්දියාවට නීති විරෝධීව පලා යෑමක් සිදු කර අද දින ඔහු ශ්‍රී ලංකාවට ගෙනාවා. ඔහු ඉදිරියේදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවා තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම අනෙක් පුද්ගලයා වන්නේ මඩවල කපුරාළලාගේ අමිල චන්දානන්ද නොහොත් අමිල යනුවෙන් හඳුන්වනු ලබන අපරාධකරු. ඔහුත් මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, මුදල් වංචා කිරීම් යන අපරාධවලට සම්බන්ධ තැනැත්තෙක්. ඔහුත් නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු සම්බන්ධයෙනුත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වෙනවා.
අනෙක් පුද්ගලයන් දෙදෙනා වන එරන්ද පුෂ්පකුමාර හෙට්ටිආරච්චි, රත්නායක වීරකෝන් අරෝශන් මඳුශාන්ත නමැති අපරාධකරුවන් දෙදෙනාත් මිනීමැරුම් චෝදනා, මත්ද්‍රව්‍ය චෝදනා, කොල්ලකෑමේ සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට අවශ්‍යව සිටි සහ දැනටමත් ඔවුන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් සම්බන්ධයෙන් නඩු කටයුතු පැවැත්වෙමින් තිබෙන පුද්ගලයන්. ඒ අනුව මෙම පුද්ගලයන් හතර දෙනාම ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක අපරාධ සිදුකරපු අපරාධකරුවන්. ඔවුන් ලංකාවට ගෙන ඒමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අනුව ඔවුන් සම්බන්ධ ඉදිරි විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අදාළ පොලිස් ස්ථාන මඟින් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.