Home » පාප් වහ­න්සේගේ සෞඛ්‍ය තත්ත්වය සංකී­ර්ණයි

පාප් වහ­න්සේගේ සෞඛ්‍ය තත්ත්වය සංකී­ර්ණයි

වති­කා­නු­වෙන් නිවේ­ද­න­යක්

by Gayan Abeykoon
February 20, 2025 1:24 am 0 comment

අය­හ­පත් සෞඛ්‍ය තත්ත්වය හේතු­වෙන් රෝහ­ල්ගත කළ ෆ්‍රැන්සිස් පාප් වහ­න්සේගේ සෞඛ්‍ය තත්ත්වය අය­හ­පත් බව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් වති­කා­නුව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බ්‍රොන්ක­යි­ටීස් රෝගී තත්ත්ව­යක් මත පසු­ගි­යදා රෝහ­ල්ගත කළ 88 හැවි­රිදි පාප් වහ­න්සේගේ පෙණ­හලු දෙක­ටම නිව්මෝ­නි­යාව පැතිරී ඇතැයි එම නිවේ­ද­නයේ සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. පාප් වහ­න්සේට තව­දු­ර­ටත් ප්‍රති­කාර කිරී­මට අවශ්‍ය බවත්, අති­රේක ඖෂධ ලබා­දී­මට පිය­වර ගෙන ඇති බවත් රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩ­ලය ප්‍රකාශ කර තිබේ.

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 21 හැවි­රිදි වියෙහි පසු­වෙද්දි ආසා­දන තත්ත්ව­යක් හේතු­වෙන් එක පෙණ­හැ­ල්ලක කොට­සක් ඉවත් කර ඇති බැවින් වරින් වර පෙණ­හලු ආසා­දිත රෝග­ව­ලට ගොදුරු වූ බවත්, මහලු වියට එළැ­ඹී­මෙන් පසු එම තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT