Home » අපරාධ නඩු විධාන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

අපරාධ නඩු විධාන නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

by yasara
February 20, 2025 3:51 pm 0 comment

parliment Srilanka

2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙයි

2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත මඟින් විමර්ශන පැවැත්වීම පහසු කිරීම සඳහා වරෙන්තුවක් නොමැතිව සිරභාරයට ගනු ලැබූ තැනැත්තන් රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම සඳහා ද, ඇතැම් නඩු වලදී ලඝු නොවන පරීක්ෂණ පැවැත්වීම බැහැර කිරීම සඳහා ද, පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගේ දිවුරුම් සාක්ෂි ලබා ගැනීම සඳහා ද, ඊට සම්බන්ධ කාරණා සඳහා ද විධිවිධාන සලසා ඇත.

එකී පනතේ විධිවිධාන, පනත ක්‍රියාත්මක වූ දින සිට වසර 02 ක කාලයක් සඳහා වලංගු වෙයි.

එම පනතේ 7 වන වගන්තියේ (2) වන උපවගන්තියට අනුව, ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින් අධිකරණ විෂය භාර අමාත්‍යවරයා විසින් පනත ක්‍රියාත්මක වීම තවදුරටත් දීර්ඝ කරනු ලැබිය හැකියි.

ඒ අනුව, එකී පනත ක්‍රියාත්මක වීම මේ දක්වා වරින් වර දීර්ඝ කර තිබිණි.

අදාළ පනතේ විධිවිධාන ක්‍රියාත්මක වීම 2025-02-02 දින සිට තවත් වසර 02 ක කාලයකින් දීර්ඝ කරමින් අංක 2418/28 හා 2025-01-08 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනයේ පළ කරනු ලැබ ඇති නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT