Home » සාම්පූර්හි මෙගාවොට් 120ක සූර්ය බලාගාර පිහිටුවීමට ඉන්දියාවේ එකඟතාවය

සාම්පූර්හි මෙගාවොට් 120ක සූර්ය බලාගාර පිහිටුවීමට ඉන්දියාවේ එකඟතාවය

by yasara
February 20, 2025 3:21 pm 0 comment

ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 120ක මුළු ධාරිතාවයකින් යුත් සූර්ය බලාගාර පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර එකඟතාවයකට පැමිණ ඇති අතර ව්‍යාපෘතිය අදියර 2ක් යටතේ ක්‍රියාත්මක කරන බව වාර්තා වෙයි.

පළමු අදියරේදී මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් සහ දෙවන අදියරේදී මෙගාවොට් 70ක බලාගාරයක් ඉදිකිරීමට නියමිතයි.

ඉදිකිරීම්, හිමිකාරිත්වය සහ මෙහෙයුම් පදනම මත ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) අතර ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස මෙම මුලපිරීම සිදු කරන බවයි සඳහන් වෙයි.

ඒ අනුව පළමු අදියරේදී මෙගාවොට් 50ක සූර්ය බලාගාරයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ඉදිරියට ගෙනයාම වෙනුවෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙයි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT