154
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වනදා පැවැත්වීමට නියම කළ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (20) නියෝග තිබෙයි.
ඒ මෙම පෙත්සම අද අභියාචනාධීකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ. එම්. එස්. දිසානායක යන පුද්ගලයන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
එම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 14වනදාට පෙර ගොනුකරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.
එමෙන්ම ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා මාර්තු මස 26ට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වෙයි.