Home » වැඩිම සුනඛ සපාකෑම් වලින් ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට

වැඩිම සුනඛ සපාකෑම් වලින් ගම්පහ දිස්ත්‍රික්කය වාර්තා අතරට

by yasara
February 20, 2025 2:38 pm 0 comment

 2024 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපාකෑම් සංඛ්‍යාව 184,926ක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

වැඩිම සපා කෑම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව මෙහිදී අනාවරණය විය.

රජය වසරකට ප්‍රථිකාර වෙනුවෙන් එන්නත් සඳහා රුපියල් මිලියන 950ක් 1,000ත් අතර මුදලක් වියදම් කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ගැහැණු සුනඛ සතුන් 30,881 වන්ද්‍යකරණයට ලක් කර ඇති අතර, සුනඛයින් 1,151,350ක් එන්නත් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT