Home » හුදෙකලා සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – මහජන ආරක්ෂක ඇමති

හුදෙකලා සිදුවීම්වලින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැහැ – මහජන ආරක්ෂක ඇමති

by chanaka
February 20, 2025 1:12 pm 0 comment

හුදකලා සිදුවීම් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකිය නොහැකි බව මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ අලුත්කඩේ උසාවි සංකීර්ණයේ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුවලට පිළිතුරු ලබාදෙමින්ය.

වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනාආරච්චි නැමැත්තා බවට හඳුනාගෙන ඇතැයි ද සදහන් විය.

පසුගිය සති කිහිපය තුළ වාර්තා වූ ඝාතන රැසකට සැකකරු සම්බන්ධ බවට පරීක්ෂණවලින් පෙනී යන බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

“අධිකරණය තුළ සිදු වූ අවාසනාවන්ත සිදුවීම ගැන අපි බලවත් කනගාටුව පළ කරනවා. පසුගිය දිනවල සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වූ අතර රජය මෙම ගැටලුව විසඳීමට දැඩි පියවර ගෙන තිබෙනවා.

ඊයේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු පැය කිහිපයක් ඇතුළත අත්අඩංගුවට ගැනුණා. පරීක්ෂණ සිදුවෙමින් පවතින අතර, මේවා හුදකලා පාතාල ක්‍රියාකාරකම් මිස ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව අපි තහවුරු කරනවා,” යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම සිදුවීම් ජාතික ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරන පිරිස් විවේචනය කළ අමාත්‍යවරයා, “දැන් එවැනි ප්‍රකාශ කරන අයගේ පාලන සමයේදී මාධ්‍ය ආයතනවලට ගිනි තැබුවා, ඝාතන සිදුවුණා.“ යනුවෙන් ද කියා සිටියේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT