Monday, April 21, 2025
Home » ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවලට නව ඒකකයක්

ඵලදායී රාජ්‍ය සේවයක් වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවලට නව ඒකකයක්

by chanaka
February 20, 2025 12:01 pm 0 comment

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ආයතනය තුළ දූෂණය වැළැක්වීම සහ සුපිලිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සාදාචාරාත්මක පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමග සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහය වීම මෙම ඒකකය පිහිටුවීමේ මුලික අරමුණ වී ඇත.

සියලුම රජයේ ආයතනවල විශේෂ ඒකකයක් ලෙස අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම සිදුවිය යුතු අතර මූලික පියවර වශයෙන් සියලුම කැබිනට් අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ස්ථාපිත කළ යුතු බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී තිබේ.

මෙම අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම්දීමක් ද සිදුකර ඇති බව සඳහන් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT