Home » විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වෙයි

විදේශිකයන් දෙදෙනෙකු ගමන් ගත් ත්‍රීරෝද රථයක් අනතුරට ලක්වෙයි

by yasara
February 20, 2025 10:50 am 0 comment

නුවරඑළිය සිට නානුඔය දුම්රිය ස්ථානය දක්වා විදේශිකයන් දෙදෙනෙකු ප්‍රවාහනය කරමින් සිටි ත්‍රිරෝද රථයකට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වු යතුරුපැදියක් ගැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත (20) දින ඇතුලත් කල බව නානුඔය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද උදැසන 8 ට පමණ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය බංගලා හත ප්‍රදේශයේදිය.

නානුඔය සිට නුවරඑලිය දක්වා ධාවනය වු යතුරුපැදිය ඉදිරියෙන් ධාවනය වු බස් රථයක් අපරික්ෂාකාරි ලෙස ඉස්සර කිරිමට උත්සහ කිරිමේදි ප්‍රතිවිරුද්ධ දිශාවෙන් නානුඔය දෙසට ධාවනය වු ත්‍රිරෝද රථයේ යතුරුපැදිය ගැටි මෙම අනතුර සිදු වි ඇත.

යතුරුපැදිය ගැටිමත් සමග ත්‍රිරෝද රථය මාර්ගය අභියස ගාල් කර තිබු ජිප් රථයක ගැටි ඇත.

අනතුරෙන් විදේශිකයන් දෙදෙනාට අනතුරක් සිදු වි නොමැති අතර අනතුරෙන් ත්‍රිරෝද රථයට සහ යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන නානුඔය පොලිසිය කියා සිටියේ.

විදේශිකයන් දෙදෙනා නුවරඑලිය ප්‍රදේශයේ සංචාරය කර නානුඔය දුම්රිය ස්ථානය සිට ඇල්ල දක්වා යාමට ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ  මෙම අනතුර සිදු වි ඇත.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT