Monday, April 21, 2025
Home » ‘මීනගයා’ දුම්රියේ අලි රංචුවක් හැපිලා – අලි 6ක් මැරිලා

‘මීනගයා’ දුම්රියේ අලි රංචුවක් හැපිලා – අලි 6ක් මැරිලා

by chanaka
February 20, 2025 9:19 am 0 comment

මඩකලපුව-කොළඹ දුම්රිය වන ‘මීනගයා’ ගල්ඔයේදී අලි රංචුවක ගැටීමෙන් අලි හයදෙනෙකු ඛේදජනක ලෙස මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.

අද අලුයම් කාලයේ දී හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේ දී මඩකලපුව දෙස සිට කොළඹ බලා ධාවනය වූ නගරාන්තර දුම්රියේ වන අලි 08දෙනෙකු ගැටී ඇත. එම අනතුරින් වන අලි 06දෙනෙකු මිය ගොස් වන අලි දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

මේ හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති අතර මඩකලපුව සිට කොළඹ බාධා ධාවනවීමට නියමිතව තිබු පුලතිසි දුම්රිය අවලංගු කිරීමට ද පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පීලිපැනීමට ලක්වූ දුම්රිය එන්ජිම පීලිගත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ. එසේම දුම්රිය පීලි පැනීමෙන් මගීන් කිසිවෙකුට අනතුරක් සිදුව නොමැත. තුවාල ලද අලි දෙදෙනාට වනජීවී නිලධාරීන් විසින් ප්‍රතිකාර කරනු ලබයි.

හබරණ පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT