Tuesday, April 22, 2025
Home » දේශ­පා­ලන හා ආර්ථික අභි­යෝග පරදා ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රග­තිය ප්‍රශංස­නී­යයි

දේශ­පා­ලන හා ආර්ථික අභි­යෝග පරදා ශ්‍රී ලංකාව අත්කරගත් ප්‍රග­තිය ප්‍රශංස­නී­යයි

මාල­දි­ව­යින් විදේශ කට­යුතු ඇමැති

by Gayan Abeykoon
February 20, 2025 1:12 am 0 comment

මහින්ද අලු­ත්ගෙ­දර

මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දේශ­පා­ලන හා ආර්ථික අභි­යෝග පරදා වර්ත­මා­නයේ ලබා තිබෙන ප්‍රග­තිය අගය කරන බව මාල­දි­ව­යින් විදේශ කට­යුතු ඇමැති අබ්දුල්ලා කලීල් මහතා ප්‍රකාශ කරයි. එම අභි­යෝග සලකා බැලීමේ දී, ශ්‍රී ලංකාව සහ ජන­තාව ආර්ථික ස්ථාව­ර­ත්වය සහ සමෘ­ද්ධිය කරා ගමන් කරනු දැකීම සම්බ­න්ධ­යෙන් සතුටු වන බව පෙන්වා­දෙන ඒ මහතා සියලු දැවැන්ත අභි­යෝග මධ්‍යයේ ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය සම්බ­න්ධ­යෙන් මෙරට නාය­ක­ත්ව­යට සහ ජන­තා­වට ප්‍රශංසා කරන බව ද කියා සිටියි. තෙදින නිල සංචා­ර­යක් සඳහා ශ්‍රී ලංකා­වට පැමිණි මාල­දි­ව­යින් විදේශ ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේ විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේදී ඊයේ (19) පැවති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි. විදේශ, සංචා­රක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා සමඟ පැවති ද්විපා­ර්ශ්වික සාක­ච්ඡා­ව­ලින් අන­තු­රුව මේ මාධ්‍ය හමුව පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් මාල­දි­ව­යින් විදේශ කට­යුතු ඇමැති අබ්දුල්ලා කලීල් මහතා මෙසේද පැව­සීය.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෑත කාලීන දේශ­පා­ලන හා ආර්ථික අභි­යෝග සලකා බැලීමේදී, ශ්‍රී ලංකාව සහ ජන­තාව ආර්ථික ස්ථාව­ර­ත්වය සහ සමෘ­ද්ධිය කරා ගමන් කරනු දැකීම ගැන මම සතුටු වෙනවා. සියලු දැවැන්ත අභි­යෝග මැද ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රග­තිය සඳහා ශ්‍රී ලංකාවේ නාය­ක­ත්ව­යට සහ ජන­තා­වට මම ප්‍රශංසා කර­නවා. මෙත­රම් කෙටි කාල­ය­කින් එය ශ්‍රී ලාංකික ජන­තා­වගේ ශක්ති­මත් ආත්ම­යට සහ ඔරොත්තු දීමේ හැකි­යා­වට සැබෑ සාක්ෂි­යක්. ශ්‍රී ලංකාව සැම­වි­ටම අපගේ සමී­ප­තම මිතු­රෙක් සහ හවු­ල්ක­රු­වෙක්. මේ වසරේ දෙරට අතර රාජ්‍ය­තා­න්ත්‍රික සබ­ඳතා ස්ථාපිත කිරීමේ 60 වන සංව­ත්ස­රය සනි­ටු­හන් කර­නවා. මේ ඓති­හා­සික හවු­ල්කා­රි­ත්වය ශක්ති­මත් කිරී­මට සහ වැඩි­දි­යුණු කිරී­මට සම්පූ­ර්ණ­යෙන්ම කැප වී සිටි­නවා. අද ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති විජිත හේරත් මහතා සහ මම ආර්ථි­කය, සංචා­රක ව්‍යාපා­රය, පරි­ස­රය, පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය, අධ්‍යා­ප­නය, වෘත්තීය පුහු­ණුව, ධීවර කර්මා­න්තය, සෞඛ්‍ය, තරුණ රැකියා, ක්‍රීඩා, පාරි­භෝ­ගික සේවා සහ කලා­පීය හා බහු­පා­ර්ශ්වික සහ­යෝ­ගී­තාව ඇතුළු පුළුල් පරා­ස­යක කරුණු පිළි­බ­ඳව සාකච්ඡා කළා.

විදේශ, සංචා­රක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා –

වත්මන් ආණ්ඩුව බල­යට පත්වී­මෙන් පසු මාල­දි­ව­යින් විදේශ ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකාවේ කළ පළමු සංචා­රය මෙය වන අතර, එය අපගේ ජාතීන් දෙක­ටම විශේෂ වැද­ග­ත්ක­මක්.

ශ්‍රී ලංකාව සහ මාල­දි­ව­යින ශක්ති­මත් සමාජ – සංස්කෘ­තික සබ­ඳතා මත පද­නම් වූ විවිධ ක්ෂේත්‍ර­වල සිය­වස් ගණ­නා­වක් පැරණි සබ­ඳතා භුක්ති විඳි­නවා. දිගු­කා­ලීන මිතු­රන් මෙන්ම කලා­පීය සහ බහු­පා­ර්ශ්වික සංවි­ධා­න­වල සාමා­ජි­ක­යන් ලෙස රට­වල් දෙක වසර ගණ­නා­වක් පුරා අන්‍යෝන්‍ය උන­න්දු­වක් දක්වන කාරණා සම්බ­න්ධ­යෙන් සහ­යෝ­ගී­තාව ගැඹුරු කර­ගෙන තිබෙ­නවා. මෙම ඉහළ මට්ටමේ ද්විපා­ර්ශ්වික සම්බ­න්ධ­තාව අපගේ සමීප සබ­ඳතා සහ අපගේ බහු­විධ සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් වර්ධ­නය කිරී­මට ඇති කැප­වී­මට සාක්ෂි­යක් වෙනවා. ශ්‍රී ලංකා­වට පැමිණි මාල­දි­ව­යින් විදේශ ඇමැ­ති­ව­රයා සිය සංචා­රය අත­ර­තුර ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ අග­මැ­තිනී ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය හමු­වී­මට නිය­මි­තයි. ටික කල­කට පෙර, ඇමැති අබ්දුල්ලා කලීල් මහ­තාට සහ මට අන්‍යෝන්‍ය වශ­යෙන් උන­න්දු­වක් දක්වන විවිධ මාතෘකා පිළි­බඳ ද්විපා­ර්ශ්වික සාකච්ඡා පැවැ­ත්වී­මට අව­ස්ථාව ලැබුණා. ආර­ම්භ­යේ­දීම, මාල­දි­ව­යින සමඟ අපගේ ද්විපා­ර්ශ්වික සබ­ඳතා නව හා ඉහළ තල­ය­කට ඔසවා තැබී­මට ශ්‍රී ලංකාව දක්වන කැප­වීම ප්‍රකාශ කළා.

එය රටේ ආර්ථික ප්‍රති­සා­ධන ක්‍රියා­ව­ලියේ දී ශ්‍රී ලංකා­වට ප්‍රමු­ඛ­තා­ව­යක් වෙනවා. ඒකා­බද්ධ ව්‍යාපාර හරහා ආයෝ­ජන හවු­ල්කා­රි­ත්ව­යන් ශක්ති­මත් කිරීමේ අර­මු­ණින්, මාල­දි­ව­යිනේ විවිධ අංශ­වල ආයෝ­ජන සඳහා මම ආරා­ධනා කළා. මාල­දි­ව­යින සමඟ සහ­යෝ­ගී­තාව අඛ­ණ්ඩව වැඩි­දි­යුණු කිරීම සහ ගැඹුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව විශාල වැද­ග­ත්ක­මක් ලබා දෙනවා යැයි පැව­සීය. මාල­දි­ව­යින් විදේශ ලේකම් ෆාති­මාත් ඉනායා, ශ්‍රී ලංකා විදේශ ලේකම් අරුණි රණ­රාජා, විදේශ අමා­ත්‍යාං­ශයේ අධ්‍යක්ෂ ජන­රා­ල්ව­රුන් වන මධුක වික්‍ර­මා­රච්චි, නිලූක කදු­රු­ග­මුව මහත්ම මහ­ත්මීහු ද මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

ඡායා­රූ­පය – මාලන් කරු­ණා­රත්න

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT