Monday, April 21, 2025
Home » උසා­වි­යට එන නීති­ඥ­ය­නුත් පරී­ක්ෂා­වට

උසා­වි­යට එන නීති­ඥ­ය­නුත් පරී­ක්ෂා­වට

පොලි­ස්ප­ති­ගෙන් පිය­වර

by Gayan Abeykoon
February 20, 2025 1:17 am 0 comment

රක්ෂණ ශ්රියන්ත

මින් ඉදි­රි­යට සියලු නීති­ඥ­ව­රුන් අධි­ක­රණ පරිශ්‍ර තුළට ඇතුළු කරන්නේ පරීක්ෂා කිරී­මෙන් අන­තු­රුව බව වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පැව­සු­වේය.

ඉදි­රි­යේදී අධි­ක­ර­ණය තුළත් අවි සහිත පොලිස් නිල­ධා­රීන් යෙද­වී­මට අවශ්‍ය ක්‍රියා­මාර්ග ගන්නා බව ද වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

වැඩ­බ­ලන පොලි­ස්ප­ති­ව­රයා මේ අද­හස් පළ කළේ කොළඹ අලු­ත්කඩේ අධි­ක­ර­ණයේ ගණේ­මුල්ලේ සංජීව නමැ­ත්තාට වෙඩි තැබූ ස්ථානය නිරී­ක්ෂ­ණ­යට ඊයේ (19) පැමිණි අව­ස්ථා­වේ­දීය.

“පැහැ­දිලි වශ­යෙන්ම මෙය සංවි­ධා­නා­ත්ම­කව කර තිබෙන ඝාත­න­යක් බව පෙනෙ­නවා. විවිධ ආර­වුල්, විවිධ මත්ද්‍රව්‍ය ජාවා­රම් කට­යුතු, කොන්ත්‍රාත් මිනී­මැ­රීම් මේ ආකා­රයේ කට­යු­තු­වල ප්‍රති­ඵල තමයි මේ දකින්නේ යැයි ද හෙතෙම කීවේය.

අපි ඉදි­රි­යේදී ඒවා කරන පුද්ග­ල­යන්, ඒවා කරන සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­කා­ර­යන් උප­රිම උත්සාහ කරලා අත්අ­ඩං­ගු­වට ගන්නවා.

නීති­ඥ­වරු වශ­යෙන් පැමි­ණෙන්න තිබෙන අව­ස්ථාව වැඩියි. මොකද නීති­ඥ­ව­රුන් අධි­ක­ර­ණ­යේදී පරී­ක්ෂා­වට ලක් වෙන්නේ නැහැ. ඒ අව­ස්ථාව උප­රිම විදි­හට ප්‍රයෝ­ජ­න­යට අර­ගෙන තමයි ඒ සැක­කරු ඒ කාර්යය කරලා තිබෙන්නේ යැයි ද පැව­සු­වේය.

අපි නීතිඥ සංග­ම­යෙ­නුත් ඉල්ලී­මක් කර­නවා ඒ සම්බ­න්ධ­යෙන් අපට සහාය දෙන්න, සෑම නීති­ඥ­ව­ර­ය­කුම පරීක්ෂා කරන්න. අධි­ක­ර­ණය ඇතු­ළ­තත් අවි සහි­තව නිල­ධා­රීන් රාජ­කා­රියේ යොද­වන්න අවශ්‍ය අධි­කා­රී­න්ගෙන් අනු­මැ­තිය ලබා ගන්න කට­යුතු කරන බවත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT