යශෝරාවයේ මගෙ අයියගෙ චරිතයට තමයි රිචඩ් හිටියේ. කතාවෙ හැටියට පිරිමි දරුවො 4 දෙනෙක් ඉන්න පවුලේ මං තමා එකම ගැහැනු ළමයා. කතාවෙ හැටියට එයා පිටරට හිටියෙ. විවාහ වෙලා විදෙස් කතක් එක්ක ගෙදර ආවම තිබුණු දර්ශන කිහිපයක තමයි හමුවුණේ. පුද්ගලයෙක් හැටියට හරිම කරුණාවන්තයි. සද්ද බද්ද නැති හරිම නිශ්ශබ්ද චරිතයක්. කොහොම වුණත් අපි යශෝරාවය කළේ පවුලක් විදිහට හරිම එකමුතුවකින්. රිචඩ් ඒ වෙද්දිත් දක්ෂ, ජනප්රිය, ප්රවීණ ඉංග්රීසි ප්රවෘත්ති නිවේදකයෙක්. මමත් ප්රවෘත්ති නිවේදිකාවක් විදිහට ආපු කාලෙ. ගොඩක් අවස්ථාවල එයාගෙන් ගුරු හරුකම් ගත්තා. යමක් ඇහුවම සැලකිල්ලෙන් කියල දුන්නා. මරණය ආරංචි වුණු වෙලාවෙ ලොකු කම්පනයක් ඇති වුණා. මං රාණි චිත්රපටයත් බැලුවා. ඇත්තටම හරිම දුකක් දැනුණා. අදටත් අප එක්ක සිටිය යුතුව සිටි කෙනෙක්. ඔහුගෙන් පරම්පරාවකට ඉගෙන ගන්න බොහෝ දේ තිබුණා. ඒත් ඔහු අකාලයේ අහිමි කරගන්නට තරම් අපි අවාසනාවන්ත වුණා.