සමුගැනීමේ තිළිණය
නත්තල් සමයෙදි ඔබ
තැබුවෙහි මහදෙහි
දින පොතක්
එතුළ එය බිඳිණි
මිලියනයක්
නිමේෂයනට
දැවෙන රුදු වේදනා
අපේක්ෂාවෙන්
මඟ බලාගෙන සිටින
කුරිරුය ඒ තිළිණය,
දැන් ඔබට
වියෝ වී සිටිය හැක
වසරක්ම
ඉනුත් පසුව වුව
නොදනිතිද ඔබ එය
පිපිර ගිය දින පොතෙහි
කැබලි සුන්බුන්
ඉතිරි වේ වැළැලී
ඇට මිදුළු තුළ
මුසුව අන්
මතකයන් හා
නත්තල් සමයෙදී ඔබ
දුන්නෙහිය මට දින පොතක්
නව වසර මහලු වී
යන්නටත් පෙර
එද එහි
සුදෝ සුදු පැහැති
හිස් පිටු විලස
මමද
මළ ගිය අයෙක් වෙමි
This Other Eden යනු මෙතෙක් පළවූ රිචඩ් ද සොයිසාගේ එකම කාව්‍ය සංග්‍රහයයි. මෙරට ‘ඉංග්‍රීසි සංගමය’ විසින් එය පළකරන ලද්දේ ඝාතනයෙන් වසරකට පසුව ය. එම කාව්‍ය සංග්‍රහයේ එන මෙම කවිය ‘‘මම ද මළ ගිය අයෙක් වෙමි’ යන්නෙන් අනුවර්තනය කර තිබුණේ දයාසේන ගුණසිංහ විසිනි. ප්‍රවේශ වෙත උපුටා ගැනීම ප්‍රභාත් චින්තක මීගොඩගේ සංස්කරණය කරන ලද ‘රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ’ කෘතියෙනි.