Wednesday, April 23, 2025
Home » “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනින් සිටුවන පැළ රැකබලා ගැනීමත් සැමගේ වගකීමක්

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනින් සිටුවන පැළ රැකබලා ගැනීමත් සැමගේ වගකීමක්

-තරුණ කටයුතු නි: ඇමැති එරංග ගුණසේකර

by sachintha
February 19, 2025 1:49 am 0 comment

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ පැළ සිටුවනවා සේම, පැළ රැකබලා ගැනීමත් කළයුතු බව තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා පැවසීය. එහි වගකීම මෙරට තරුණ තරුණියන් භාරගත යුතු බව මෙහිදී නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පසුගියදා (16) ගොතටුව තෙත්බිම් උද්‍යානයේ දී පැවති අවස්ථාවට එක්වෙමිනි.

ගොතටුව තෙත්බිම් උද්‍යානයේ රුක්රෝපණ වැඩසටහනක් හා ඒ අවට පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහනක් පැවති අතර ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය එක්ව මේ වැඩසටහන සංවිධානය කර තිබුණි. ඉකුත් 15 සහ 16 දෙදින දිස්ත්‍රික්ක 26ම ආවරණය වන පරිදි ස්ථාන රැසක මීට සමගාමීව විවිධ වැඩසටහන් පැවැත්විණි. තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ඇතුළු තරුණ සේවා නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

මලිඳු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT