රජය මඟින් ක්‍රියාත්මක ‘එක මිටට ගොවි බිමට’ වැඩසටහන යටතේ නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වගා නොකළ ඉඩම් යළි වගා කිරීම සඳහා ගොවින් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පෙරේදා (17) නාඋල දී පැවැත්විණි.
නාඋල – අළුගොල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානය මඟින් වැඩසටහන සංවිධානය කර තිබිණි.
එහිදී නාඋල ප්‍රදේශයේ වගා ක්ෂේත්‍ර වෙත යමින් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අළුගොල්ල මධ්‍යස්ථානයේ නිලධාරීන් ගොවි සංවිධාන දැනුම්වත් කර සංකේත වශයෙන් අදාළ ලියවිලි භාරදීම සිදු කර තිබුණි.
මෙම අවස්ථාව සඳහා අළුගොල්ල ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරිනී පී.බී.ආර්.ප්‍රියදර්ශනී බණ්ඩාර මහත්මිය හා වසම් භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාර ඩි.එම්.සමන්තා කුමාරි ප්‍රේමරත්න මහත්මිය ඇතුළු කලාපයේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාරවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල විධායක සභික බී.එච්.ප්‍රේමා රංජනි මහත්මිය ද සහභාගි වී සිටියහ.
නාඋල සමුහ