92
වාරියපොළ නාථගනේ ගොවිජන සේවා බලප්‍රදේශයට අයත් අක්කර 25කට අධික විශාලත්වයකින් යුත් මිරිහන්පිටිය මහවැව වසර ගණනාවකින් කිසිදු ප්‍රතිසංස්කරණයක් නොකර තිබීම නිසා අද වන විට එම වැව විනාශයට යමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසතී. මෙම වැවේ වැව් ජලයෙන් වගා කරනු ලබන කුඹුරු යායට අවශ්‍ය ජලය ලබා ගන්නා සොරොව්ව පවා ජලජ පැළෑටි වැවීම නිසා ජලය ලබා ගැනීමට නොහැකිව අපහසුතාවට පත්ව ඇති බව ගොවීහු පවසතී.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වගකිවයුතු අයගේ අවධානය යොමුකර මෙම වැවේ ජලජ පැළෑටි ඉවත් කිරීම සඳහා වැඩ පිළිවෙළක් සකස්කර දෙන ලෙස ඔවුහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
කටුපොත විශේෂ – බී.ඒ.එන්. ශාන්ත කුමාර