Wednesday, April 23, 2025
Home » මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලයේ තේරු මංගල්‍යයට කප් සිටුවයි

මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලයේ තේරු මංගල්‍යයට කප් සිටුවයි

by sachintha
February 19, 2025 1:45 am 0 comment

මේ රට දී පැවැත්වෙන විශාලතම තේරු උත්සවය ලෙස සැලකෙන මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවාලයේ වාර්ෂික තේරු උත්සවය සඳහා වීදි පෙරහර හා කප්සිටුවීමේ චාරිත්‍රය ඊයේ (18) වන දින මාතලේ නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීය. මාර්තු 12 වැනිදා තේරු උත්සවය පැවැත්වීමට නියමිත අතර එහිදී පත්තිනිදෙවි, ගණදෙවි, කතරගමදෙවි, ඊශ්වර දෙවි හා සන්ඩේස්වරී දෙවියන්ගේ ප්‍රතිමා රැගත් තේරු රථ පහක් පත්තිනි දේවාලයේ සිට මාතලේ නගරය හරහා වීදි සංචාරය කර නැවත දේවාලයට පැමිණීමට සංවිධානය කර ඇත.

වීදි පෙරහර සඳහා ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ හින්දු සංස්කෘතික නර්තනයන් හා කප්සිටුවීමේ චාරිත්‍රය සඳහා මංගල ඇතෙකු යොදාගෙන චාරිත්‍ර සිදු කළ අතර මෙහි ආගමික වතාවත් දේවාලයේ ප්‍රධාන පූජක ක්‍රිෂ්ණ කුරුක්කල් විසින් සිදු කළ අතර දේවාලයේ දායක සභාවේ සභාපති එම්. සර්වානන්ද මහතා මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතියේ සභාපති ඉසුරු ජයවර්ධන මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

මාතලේ මධ්‍යම සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT