හාලිඇළ ප්‍රාදේශීය සභාවේ මෙහෙයවීමෙන් රුපියල් කෝටි දෙක හමාරකට අධික වියදමකින් හාලිඇළ, කැටවල ප්‍රදේශයේ ඉදිකරන ලද ‘නිසල අරණ’ ආදාහනාගාරය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත්දා ජනතා අයිතියට පත්කෙරිණි.
ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු රවීන්ද්‍ර අරුණ බණ්ඩාර, හාලිඇළ ආසන සංවිධායක ප්‍රියන්ත වරුෂමාන, හාලිඇළ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් සේනානායක යන මහත්වරුන් ද ඌව පළාත් පාලන කොමසාරිස් ඩී.එම්.එල්.එච්. දිසානායක, බදුල්ල නාගරික කොමසාරිස් ජගත් ආරියරත්න, හාලිඇළ ප්‍රාදේශීය සභාවේ ලේකම් ඒ.ජේ. බැද්දෙවිතානගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද ප්‍රදේශවාසීහු පිරිසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.
හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න