50
පාදුක්ක සතිපොළේ වෙළෙඳ ප්‍රජාව ඉලක්ක කර ගනිමින්, ඔවුන්ට බෝ නොවන රෝග වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමේ හදිසි වෛද්‍ය සායනයක් පාදුක්ක සතිපොළ භූමියේදී පැවැත්විණි. සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ හංවැල්ල සහ පාදුක්ක නගරවල සතියකට පොළවල් හතරක් පැවැත්වේ.
මෙම පොළවල් සඳහා සහභාගී වන වෙළෙඳ ප්‍රජාව දිවා රාත්‍රී දෙකේම ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය කෙරෙහිද අවධානය යොමු නොකර සති පොළවල්වල වෙළෙඳාම් කිරීම සිදු කරනු ලබයි. මෙවැනි තත්ත්වයක් මත ඔවුන්ගේ ශරීර සෞඛ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් මෙම හදිසි වෛද්‍ය සායනය පැවැත්වූ බව වෛද්‍ය ජගත් කුමාර මහතා පැවසීය.
පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ