Wednesday, April 23, 2025
Home » සාමදාන විනිශ්චයකාර තනතුරේ ගෞරවය රැකෙන පරිදි පත්වීම් ලබාදිය යුතුයි

සාමදාන විනිශ්චයකාර තනතුරේ ගෞරවය රැකෙන පරිදි පත්වීම් ලබාදිය යුතුයි

-ශ්‍රී ලංකා සාම විනිසුරු සංගමයේ ලේකම් සම්පත් රඹුක්පොත

by sachintha
February 19, 2025 1:38 am 0 comment

සාමදාන විනිශ්චයකාර තනතුර ගරු තනතුරක් බවත්, මෙම තනතුර ලබාදීමේදී තනතුරේ ගෞරවය රැකෙන පරිදි යම් ක්‍රමවේදයකට ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා සාම විනිසුරු සංගමයේ ලේකම් සම්පත් රඹුක්පොත මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ ශ්‍රී ලංකා සාම විනිසුරුවන්ගේ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අමතමිනි. එම රැස්වීම බත්තරමුල්ල, හෙක්ටර් කොබ්බෑකඩුව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී රඹුක්පොත මහතා මෙසේද කීවේය.

මේ අවස්ථාවේ අපි වර්තමාන රජයේ අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මෙම ගරු තනතුර ලබාදීමේදී සාමාන්‍ය අධ්‍යාපනයක් තියෙන, දූෂණයෙන් තොර සමාජ සේවාවක් කරන පුද්ගලයන්ට පත්වීම් දෙන්න කියලා. අපි ශ්‍රී ලංකා සාම විනිසුරු සංගමය හැටියට එම කරුණ සම්බන්ධයෙන් අධිකරණ ඇමැති වෙත සංදේශයක් භාර දීමට ද කටයුතු කරනවා.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සාම විනිසුරු සංගමයේ නව සභාපති ඩෙක්ටර් ප්‍රනාන්දු, නියෝජ්‍ය සභාපති ජයසිංහ බණ්ඩාර, උප සභාපති අම්ජාඩ් පර්හාන්, අනුශාසකවරුන් වන සේනක ජයතිලක, ඇන්ටන් පුල්ලේ, භාණ්ඩාගාරික නන්දනී විජේරත්න, විධායක කමිටු සාමාජික හසන්ත පෙරේරා මහතා ඇතුළු සාම විනිසුරු සංඝමයේ සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් සහභාගී වූහ.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT