බෙන්තොට, ඇළකාක මහ විදුහලේ ගුරුවරයකු රාජකාරි නිමවා නිවෙසට යන අතරතුර පාසලෙන් පරිබාහිර පුද්ගලයන් තිදෙනකු එම ගුරුවරයාට කුරුඳු පොලුවලින් පහර දී තුවාල සිදු කිරීමේ සිද්ධියට විරෝධය පා එම පාසල ඉදිරිපිට දී පෙරේදා (17) පාසල නිමවීමෙන් අනතුරුව විරෝධතාවක් පැවැත්විණි. ඇළකාක මහා විද්‍යාලයේ විදුහල්පති අනිල් තාබ්‍රේව්, නියෝජ්‍ය විදුහල්පති බී.ජී. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පාසලේ ගුරුවරුන්, අවට පාසල්වල ගුරුවරුන්, මවුපියන් ආදි සිසුන් ඇතුළු 500ක් පමණ පිරිසක්, මෙම විදුහලේ විද්‍යා ගුරුවරයකු වශයෙන් සේවය කරන අකිල ශාමින්ද මහතාට කෲර අන්දමින් එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වා විවිධ පුවරු ඇතැතිව මෙම විරෝධතාව පැවැත්වූහ. පාසලේ නිවාසාන්තර ක්‍රීඩා තරගයට සමගාමීව පසුගිය 13 දා පාසල් පරිශ්‍රයේ පැවති එල්ලේ තරගය අවස්ථාවේ අනවසරයෙන් පාසල් භූමියට ඇතුළුව සිටි පිරිසක් අතරින් තිදෙනකු හා පහරකෑමට ලක්වූ ගුරුවරයා ඇතුළු පිරිස අතර ඇතිවූ මත ගැටුමක් නිසා උරණ වී මෙම ගුරුවරයාට පහර දී ඇති අතර පොලීසිය ඊට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ.
අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා