මහවැලි සී කලාපයේ ජනපදිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන, ගොඩනැගිලි හා තවත් අංශ රැසක බදු ලැබීම්වල නිවැරදි විස්තර බදු නිලධාරීන්ට මෙන්ම මහවැලි ජනපදිකයන්ට ජංගම දුරකථනයකින් ඕනෑම වෙලාවක බලා ගැනීමට හැකිවන ජංගම දුරකතන යෙදවුමක්(Mobile App) හඳුන්වා දී ඇත.
මෙම යෙදවුම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි සී කලාපයේ නිලධාරීන් විසින් නිර්මාණය කර තිබේ.
මෙම ජංගම යෙදවුම මහවැලි සී කලාපය තුළ ජනගත කිරීම ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එච්.එම්.ජේ.කේ.හේරත් මහතාගේ සහභාගිත්වයෙන් මහවැලි සී කලාපයේ පුනරුද සතියට සමගාමීව සිදු කරනු ලැබීය.
මෙම ජංගම යෙදවුමේ සාර්ථකත්වය නිරීක්ෂනය කිරීමෙන් පසු මෙය තවත් වැඩිදියුණු කර අනෙකුත් මහවැලි කලාපවලටද හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මෙම යෙදවුම නිර්මාණය කළ මහවැලි සී කලාපයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
ඩිජිටල්කරණයට ප්‍රවේශ වීම නව රජයේ දැක්ම වන අතර ඒ අනුව මහවැලි කලාප තුළද එය ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම පිළිබඳව මෙම යෙදවූම නිර්මාණය කළ නිලධාරීන්ට අධ්යක්ෂ ජනරාල් වරයා සිය ස්තුතිය පිරිනමා ඇත. මෙම විෂයට උනන්දුවක් දක්වන මහවැලි නිලධාරීන්ට එය ප්‍රගුණ කර ගැනීමට අවශ්‍ය මූල්‍යමය ප්‍රදානයන්ද මහවැලි අධිකාරිය මගින් ලබාදීමට පියවර ගන්නා බවත් අධ්යක්ෂ ජනරාල් වරයා දැනුම් දී තිබේ.
මෙම අවස්ථාව සඳහා මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර එච්.එම්.ආර්.හේරත්,කලාප කළමනාකරුවන් ඇතුළු නිලධාරීන් සහභාගි විය.
බුද්ධිකා ඉඹුලාන