සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දහසක් බලගැන්වීමේ අරමුණ ඇතිව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “ FOUR I ”වැඩසටහන මඟින් ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකළ නියමු ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචන වැඩසටහනක් ඊයේ (18) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශයේ දී පැවැත්විණ.
ගම්පහ දිස්ත්‍රික්කයේ තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් 100 ක් සඳහා මෙම “ FOUR I ” නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ අතර මෙම වසර අවසන් වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 15ක් ආවරණය කරමින් තවත් ව්‍යවසායකයින් දහසක් දෙනා සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.
මෙම වැඩසටහනින් වසර 3 ක් පුරා තෝරාගත් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නංවමින් එම කර්මාන්ත සංවර්ධනය කිරීමට කටයුතු කරන අතර ව්‍යාපාරයේ ආදායම් ඉහල නැංවීම, රැකියා අවස්ථා වැඩි කිරීම, සමස්ත ව්‍යාපාරය සංවර්ධනය කිරීම, වෙළඳපළ අවස්ථා වැඩි කිරීම යන කරුණු සාක්ෂාත් කර ගැනීමට බලාපොරොත්තු වෙයි. නිෂ්පාදන කර්මාන්තයක් සිදු කරන, සේවකයින් 10 කට වඩා සිටින, වසර 3 කට වඩා වැඩි කාලයක් පවත්වාගෙන ගිය කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත මෙම “ FOUR I ” වැඩසටහන සඳහා සුදුසුකම් ලබයි.
ජාතික ළුලදායිතා ලේකම් කාර්යාලයේ සම්පත් දායකත්වය ඇතිව සිදුකරන මෙම ව්‍යාපෘතිය මඟින් නව්‍යකරන සංකල්පය ක්‍රියාත්මක කරමින් එම කර්මාන්තවල අඛණ්ඩ සංවර්ධනයක් ඇති කිරීම සඳහා ව්‍යවසායකයින් හට ප්‍රායෝගික දැනුම ලබාදීමක් සිදු කරයි. මෙම “ FOUR I ” වැඩසටහන සඳහා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය සහ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වය ලබා දෙනු ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකළ කළ මෙම “ FOUR I ” වැඩසටහන මගින් ළුලදායිතාවය ඉහළ නංවා සංවර්ධනය කරන ලද ව්‍යවසායකයින් ජාත්‍යන්තර වෙළඳපලට වෙතට ගෙනයාම කර්මාන්ත අමාත්‍යාංශයේ අරමුණ බව මෙම අවස්ථාවට සහභාගි වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් J.W.S. කිත්සිරි, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, නියමු ව්‍යාපෘතිය සඳහා එක්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.