ශ්‍රී ලංකාවේ කොරියානු ජනරජයේ තානාපතිවරිය මියන් ලී (Miyon Lee) මහත්මිය ඊයේ (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද මෙම හමුවට සහභාගී වූවාය.
මෙහිදී වෙළඳාම, තාක්ෂණය, ආයෝජන, සෞඛ්‍ය සේවා සහ සංචාරක ඇතුළු ක්ෂේත්රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුවිය.
දෙරටේම සංවර්ධනය සඳහා මෙම ක්ෂේත්රවල සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් අවධාරණය කරන ලදී.
කොරියානු ජනරජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ දළ විශ්ලේෂණයක් ද තානාපතිවරිය විසින් මෙහිදී ඉදිරිපත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා දකුණු කොරියාවේ අඛණ්ඩ සහයෝගය ඇය නැවත තහවුරු කළ අතර, දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපේක්ෂා කරන බව ද ඇය පැවසුවාය.