සූර්ය බල ශක්තිය ලබා ගැනීම සීමා කිරීමට, අඩු කිරීමට හෝ නැවැත්වීමට රජයට කිසිඳු අදහසක් නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අවධාරණය කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සූර්ය බල ශක්තිය සම්බන්ධයෙන් ඇසු ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී මේ බව කියා සිටියේය.
ඒ අනුව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
“ ඒ වෙනුවෙන් කිසිඳු කමිටුවක් පත් කරලත් නෑ. 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කයක් කරා යන ගමනක අපි ඉන්නෙ. ඒ නිසා, සූර්ය බලශක්තිය අපට අවශ්‍යයයි. අපි, තිබූ තත්වය ක්‍රමවත් කිරීමේ වැඩපිලිවෙලක් සිදුකරගෙන යනවා. අපේ බලශක්ති ප්‍රතිපත්තියට අනුව මෙගාවොට් 2000ක් කඩිනමින් ජාතික විදුලි බල පද්ධතියට එකතු කිරීමත් අපේක්ෂාවක්. ඒ නිසා බොරු ප්‍රචාර කරන්න එපා. ඒ වගේම බොරු ප්‍රචාරවලට අහුවෙන්නත් එපා.“