Monday, April 21, 2025
Home » කිළිනොච්චිය නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

කිළිනොච්චිය නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

by yasara
February 19, 2025 9:54 am 0 comment

කිළිනොච්චිය පලෙයි තම්බකාමම්  ප්‍රදේශයේ නිවසකට  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්  අද (18 )  අලුයම එල්ල වී තිබේ.

මේ අන්දමට ප්‍රහාරයක් එල්ල වී ඇත්තේ අයියතුරෙයි සිවනේසන් නැමති ව්‍යාපාරිකයෙකුගේ නිවසකටය.

නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල කරන්නට ඇත්තේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත හෝ කප්පම් සිද්ධියක් මත බවට පලෙයි පොලීසිය සැක පහල කරයි.

නිවසට බෝම්බ ප්‍රහාරය එල්ල වීමත් සමගම ගින්නක් හට ගෙන ඇතත් ඉතා සුළු වේලාවකින් එම ගින්න ඉබේම නිවී යාම නිසා නිවසට විශාල හානියක් සිදුව නොමැත.

බෝම්බ ප්‍රහාරය එල්ල වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලීසිය නිවසේ ඇගිලි සලකුණු හා තවත් සාධක කීපයක් ලබා ගෙන ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT