Home » අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න

අරපිරිමැස්මෙන් ජලය භාවිත කරන්න

-ජල මණ්ඩලයෙන් ඉල්ලලීමක්

by sachintha
February 19, 2025 2:50 am 0 comment

අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජලමට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින හෙයින් අත්‍යාවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පවතින උෂ්ණාධික තත්ත්වය නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි. නමුත් පානීය ජල සැපයුම සීමාසහිත වන බවත්, එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සමසේ බෙදා හැරිය යුතුව ඇති බවත් මණ්ඩලය පවසයි.

මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීමේදී උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි ය.

මෙම වියළි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණදීමට සිදුවී තිබෙන අපහසුතාවන් අවම කිරීමට මණ්ඩලය උපරිමව කටයුතු කරන හෙයින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කොට සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අර පිරිමැස්මෙන් භාවිත කරන ලෙස මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

රන්මලී සෝමසිරි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT