Wednesday, April 23, 2025
Home » ලෝක සිතුවම් තරගයේ රන් පදක්කම මාගම්පුර සඳුන්මලීට

ලෝක සිතුවම් තරගයේ රන් පදක්කම මාගම්පුර සඳුන්මලීට

by sachintha
February 19, 2025 1:39 am 0 comment

ලෝකයේ රටවල් රැසක උද්භිද විද්‍යා ශාක ප්‍රතිනිර්මාණය කිරීමේ චිත්‍ර ශිල්පී ශිල්පිනියන්ගේ සහභාගිත්වයෙන් ලන්ඩන් නුවරදී පවත්වනු ලැබූ ලෝක සිතුවම් තරගයේ රන් පදක්කම දිනා ගැනීමට සඳුන්මලී කුලසේකර සමත්ව තිබේ.

ඇය පදිංචිව සිටින්නේ මාගම්පුර නුවර, තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වැලිපොතේවෙල, යෝධකණ්ඩිය ප්‍රදේශයේය. එම ක්ෂේත්‍රයෙන් ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවැනි සිතුවම් තරගයකින් රන් පදක්කමක් දිනාගත් ශ්‍රී ලාංකික කාන්තාව ලෙස සඳුන්මලි කුලසේකර වාර්තාගත වී ඇත. ලන්ඩනයේ රාජකීය උද්භිද උද්‍යාන අලංකරණ සංගමය මඟින් සංවිධානය කරන ලද ලන්ඩන් නුවර සාචි ගැලරි සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උද්භිද විද්‍යා ප්‍රතිනිර්මාණ ඡායාරූප තරග ප්‍රදර්ශනය සඳහා යුරෝපය, ආසියාව, එංගලන්තය, අමෙරිකාව, ජපානය ඇතුළු රටවල් රැසක තරගකරුවන් ඉදිරිපත්ව ඇති අතර ඒ තුළින් සඳුන්මලී ඉදිරිපත් කර ඇති ඡායාරූප 06ක් තෝරාගෙන ඇත. ඇගේ උද්භිද විද්‍යා ශාක සිතුවම් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, සිංගප්පූරුව වැනි රටවල සංරක්ෂිත කෞතුකාගාරවලද පවතී. එම චිත්‍රවල අන්තර්ගතය වී ඇත්තේ කාන්තාරවල ජීවත් වන සත්ත්වයන්ට හා මිනිස්සුන්ට ඖෂධ ලෙස යොදාගත හැකි පැළෑටි පිළිබඳවය. ඇගේ එකම බලාපොරොත්තුව ලංකාවේ දූ දරුවන්ට මෙම විෂය ක්ෂේත්‍රය ගැන අවබෝධයක් ලබාදීම, අප රට තුළදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ඒකදේශික ශාක ඇතුළත් ප්‍රදර්ශනයක් හා ලංකාවේ ශාක සංරක්ෂිත මාධ්‍යයක් ලෙස මෙය යොදා ගැනීමට කටයුතු කිරීමයි.

සඳුන්මලී මූලික අධ්‍යාපනය තිස්සමහාරාම ශ්‍රී දේවානන්ද මහා විද්‍යාලයෙන් සා.පෙළ දක්වා ඉගෙන පසුව දික්වැල්ල විජිත මහා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා ඇත.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් පටක රෝපණ තාක්ෂණවේදී පාඨමාලාව හදාරා ඇත. මේ වන විට කටාර් රාජ්‍යයේ උද්භිද ශාක ප්‍රතිනිර්මාණ පිළිබඳ රැකියාවක ඇය නිරතව සිටින්නීය.

ඇඹිලිපිටිය සමූහ – සේන වී. ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT