Monday, April 21, 2025
Home » රජීව් අමරසූරිය, නීතිඥ සංගමයේ සභාපති ධුරයට

රජීව් අමරසූරිය, නීතිඥ සංගමයේ සභාපති ධුරයට

by chanaka
February 19, 2025 9:38 pm 0 comment

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව ඇත.

නීතිඥ සංගමයේ නිලවරයණය අද (19) කොළඹ දී සිදුවිය.

අමරසූරිය මහතා මීට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් ලෙස සේවය කළ අතර පුළුල් අභියාචනාධිකරණ පරිචයක් ඇති අතර, පොදු නීතිය සහ කොන්ත්‍රාත්, වාණිජ, දේපළ, බදුකරණය සහ බැංකු නීතිය ඇතුළු සිවිල් නඩු කටයුතුවල විවිධ ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥයෙකි.

ඔහු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන පුරා ප්‍රමුඛ තනතුරු කිහිපයක් දරන අතර, ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලයේ මණ්ඩල සාමාජිකයෙකු, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නීති අධ්‍යයන ස්ථාවර කමිටුව සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කවුන්සිල සාමාජිකයෙකු ලෙස සේවය කරයි.

ඔහු පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන අතර LAWASIA හි විධායක කමිටු සාමාජිකයෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT