Home » ගණේමුල්ල සංජීවට වෙඩි පත්තු වූ රිවොල්වරය උසාවිය ඇතුලට ආවේ මෙහෙමයි

ගණේමුල්ල සංජීවට වෙඩි පත්තු වූ රිවොල්වරය උසාවිය ඇතුලට ආවේ මෙහෙමයි

by chanaka
February 19, 2025 1:03 pm 0 comment

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් මරණයට පත්වූ සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර සමර රත්න නැමැත්තාට වෙඩි තැබීමට රිවොල්වරය රැගෙන විත් ඇත්තේ පොතක සඟවාගෙන බව වාර්තා වේ.

පොලීසිය පැවසුවේ, නීතිඥවරයෙකු ලෙස සැරසුණු පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවය.

වෙඩිතැබීමට සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමියේ තිබිය දී සොයා ගත් අතර නීතිඥ උපදේශන කාමරයේ තිබී එය සඟවාගෙන පැමිණීමට භාවිත කළ පොත සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ.

නඩු කටයුත්තක් වෙනුවෙන් ගනේමුල්ල සංජීව අද පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙනවිත් තිබුණු අතර එහිදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්විය.

මේ වනවිට අධිකරණ පරිශ්‍රය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතර ඒ අවට ආරක්ෂාව තර කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT