Wednesday, April 23, 2025
Home » සිරගත වී සිටින ඉම්රාන්ගෙන් නව දේශපාලන සන්ධානයක්

සිරගත වී සිටින ඉම්රාන්ගෙන් නව දේශපාලන සන්ධානයක්

by sachintha
February 19, 2025 1:07 am 0 comment

එළැඹෙන රමලාන් උපවාස සමයෙන් පසු ශක්තිමත් දේශපාලන සන්ධානයක් ආරම්භ කරන ලෙස බන්ධනාගාරගත වී සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සිය පක්ෂ නායකයන්ට උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සඳහා එරට විපක්ෂය සමඟ සාකච්ඡා ආරම්භ කරන ලෙස ඔහුගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් දෙදෙනකුට ඉම්රාන් ඛාන් දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

හිටපු අගමැතිවරයා සිරගත කර සිටින රාවල්පිණ්ඩි නුවර අඩියලා බන්ධනාගාරයේ පිටතදී ඉම්රාන්ගේ නීතිඥවරයා වාර්තාකරුවන්ට ප්‍රකාශ කර ඇත්තේ එරට විපක්ෂය සමඟ එක්ව ශක්තිමත් දේශපාලන සන්ධානයක් ආරම්භ කිරීමට උපදෙස් ලබා දුන් බවය. සිය ජීවිත කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙසත්, දේශපාලනඥයකු ලෙසත් පාකිස්තානයට ජාත්‍යන්තර පිළිගැනීමක් අත්කර දීමට සමත්වූ බවත්, ටෙහ්රීකි ඉන්සාෆ් රජය පෙරළා දැමීමෙන් පසු පත් වූ නවාස් ශෙරීෆ්ගේ රජය යටතේ පාකිස්තානය අමෙරිකානු ඩොලර් බිලියන 45ක ආර්ථික හානියකට මුහුණ දුන් බවත් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT