ග්‍රාම නිලධාරින්ගේ ගැටලු සාකච්ඡා කර යම් සහනදායි තත්ත්වයක් උදා කර ගැනීමට ඇති ප්‍රධාන බාධකය පවතින ආණ්ඩුව හෝ පැවැති ආණ්ඩුන් නොව ග්‍රාම නිලධාරීන්ගේ පරිපාලනය කරන අධ්‍යක්ෂකවරු සහ ඉහළ නිලධාරී පංතිය යැයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය පවසයි.
ඡන්ද හිමි නාමලේඛනය යාවත්කාලීන කිරීමේදී එක් නිවසක් සඳහා ලබාදෙන මුදල වැඩි කර දෙන්නැයි කළ ඉල්ලීමට කිසිදු යහපත් තීරණයක් නොදී තම උසස් නිලධාරීන් කටයුතු කිරීම පිළිබඳ කනස්සල්ලට පත්වන්නේ යැයි එම සංගමයේ මධ්‍යම විධායක සභික සුධීර වීරසිරි පැවැසීය.
සිය යෝජනා සම්බන්ධයෙන් ධනාත්මක ප්‍රතිචාර දක්වමින් කැබිනට් තීරණ දෙක තුනක්ම නිකුත් කළ ද ඒවා ඉදිරියට ක්‍රියාත්මක නොකිරීමට කටයුතු කළේ අදාළ උසස් නිලධාරි පංතිය යැයි ද ඔහු කීය.
ඡන්ද ලේඛන සහ පළාත් පාලන ඡන්දය පැවැත්වීම පිළිබඳ ග්‍රාම නිලධාරීන්ට ගැටලු අතර මෙවර ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය වන්නේ ඡන්දය පවත්වන ඡන්ද මධ්‍යස්ථානය වීමත් සමහර ග්‍රාම නිලධාරීන්ට එකකට වැඩි ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණයක් තිබෙන බවත් සුධීර වීරසිරි පැවැසීය.
එම මධ්‍යස්ථානවල ඡන්දය ගැනීමට එක මධ්‍යස්ථානයකට ගෙන ඒමට අවශ්‍ය බවත් ඒ සඳහා ලබාදීමට අපේක්ෂිත පහසුකම් කපා හැර ඇති බවත් සමහර විට පාසලක් හසු නොවන ඡන්ද කොට්ඨාස ඇති අවස්ථාවලදී පන්සලක් හෝ ප්‍රජාශාලාවක් වැනි පහසුකම් සීමිත ස්ථානවල ඡන්ද ගණන් කිරීමට සිදුවන් බවත් ඔහු කීය.
මේ පිළිබඳ සාකච්ඡා කළ ද අවම වශයෙන් ග්‍රාම නිලධාරීන් සහ කම්කරුවන්ගේ ආහාර වියදම් හෝ වැඩි කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සුධීර වීරසිරි වැඩිදුරටත් පැවැසීය.
ඉරෝෂා දීපානි