19 වැනි සියවසේ මෙරට තුළ ඇති වූ කම්කරු උද්ඝෝෂණ සඳහා නායකත්වය දුන් ස්වාධීන මතධාරියෙකු ලෙස දොස්තර පී.එම්. ලිස්බෝ පින්තු හැඳින්විය හැකිය. ඉන්දීය ගෝව ජාතිකයෙකු වූ ලිස්බෝ පින්තු, බොම්බායේදී වෛද්‍ය විභාගයෙන් සමත් වූයේය. ඔහු ඉතා ප්‍රකට වූයේ කතෝලික පල්ලිය සමඟ කළ මතවාදීමය විවාදයන් නිසාය. ලිස්බෝ පින්තු ශ්‍රී ලංකාව තුළ 19 වැනි සියවසේ දී ඇති වූ බොහෝමයක් කම්කරු අරගලවලට මෙන්ම අමද්‍යප ව්‍යාපාරයට ද සම්බන්ධ වූ කම්කරු නායකයෙකු ලෙස හැඳින්විය හැකිය.
වෛද්‍යවරයෙකු ලෙස වෘත්තියෙහි යෙදුණු ඔහු, ලංකාවට පැමිණීමෙන් පසුව කොළඹ වේල්ල වීදියේ පදිංචි වූ අතර නාගරික දිළින්දන්ගේ තත්ත්වය පිළිබඳව මනාව දැන සිටියේය. සමාජ සංශෝධකයෙකු වශයෙන් ඔහු, කම්කරුවන් මුහුණ දුන් ප්‍රශ්න ගැන උනන්දුවක් දැක්වූයේය. කම්කරු ප්‍රශ්න සම්බන්ධයෙන් මධ්‍යම පාන්තිකයන් දැක්වූ උදාසීනත්වය පිළිබඳව ලිස්බෝ පින්තු තදින්ම දොස් පැවරුවේය. ඒ අනුව ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය.
“තම කම්කරුවන් වෙනුවෙන් යමක් කරන ලෙස අපගේ ඇතැම් ධනවත් ස්වදේශීය සේව්‍යයන් උනන්දු කරවීමට, වෙහෙස මහන්සි වී වැඩ කරන කම්කරුවන්ගේ පොදු ව්‍යාපාරය සඳහා ඔවුන්ගේ අනුකම්පාව දිනා ගැනීමට ද, නොයෙක් අවස්ථාවල වෑයම් කළ මට වැටහී ගියේ, ලාංකේය ධනපතියා ඉංග්‍රීසි ජාතිකයා මෙන්ම සමහර විට ඊටත් වඩා නිර්දය ලෙස සූරා කෑමට ගිජු බවයි. අනුකම්පා විරහිත බවයි.”
ගෝවේ ජාතිකයන් ද යුරෝපීය සම්ප්‍රදායන් අනුගමනය කළ ජාතීන් වූ බැවින්, ඉන්දියාවේ ගෝවේ සිට සංක්‍රමණය වූ ලිස්බෝ පින්තු හට මෙරට දේශීය මධ්‍යම පාන්තික චාරිත්‍ර අවහිරයක් නොවීය. ලිස්බෝ පින්තු ලෝක සම්මතයට අභියෝග කරමින්, ලාංකේය කම්කරුවන්ට අලුත් සංවිධාන ක්‍රම හා විරෝධය පළ කිරීමේ ක්‍රම පුහුණු කළේය. ඒ අනුව ඒකාබද්ධ සටන් තුළින් තම ආර්ථික තත්ත්වය දියුණු කර ගැනීමේ හැකියාව ගැන, ලාංකේය කම්කරු පන්තියට එක්තරා විශ්වාසයක් ලබා දීමට ද ලිස්බෝ පින්තු සමත් වූයේය. ඒ අනුව ලංකාවේ මුද්‍රණ කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් ලිස්බෝ පින්තු පෙනී සිටියේය. 19 වැනි සියවසේ මෙරට තුළ අතරින් පතර කම්කරු උද්ඝෝෂණ ඇති වුවද ඒවා තම අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා නොව තම අප‍්‍රසාදය පළ කිරීමට හා නීති රීති බලපත‍්‍ර නිකුත් කිරීමට අදාළ ක‍්‍රමවේදයන්ට එරෙහිවය. එම උද්ඝෝෂණ සංවිධානය නොවූ ඒවා වන අතර ඒවා කම්කරු කණ්ඩායම් විසින් සිදුකරන ලදි. එබැවින් ඒවා වැඩ වර්ජන දක්වා වර්ධනය නොවුණි.
කේව් ආයතනය ඉංග‍්‍රීසීන් සතුව කොළඹ නගරයේ පිහිටි විශාලම මුද්‍රණ සමාගම් ය. කම්කරුවන් හැට දෙනෙකු පමණ මෙහි සේවය කළහ. මේ වන විට කේව් සමාගමේ වැටුප් ප‍්‍රශ්නයක් ඇති වී තිබිණි. ඒ අනුව සේවකයන්ට වැටුප් ගෙවීම ක‍්‍රමවත් නොවූ අතර ප‍්‍රමාද වීම්ද ඇති වී තිබිණි. තවද සේවකයන්ට ලැබුණේ පහළ මට්ටමක වැටුපකි. මීට අමතරව ප‍්‍රමාදවී වැඩට පැමිණීම, සේවා වැරදි සහ අතපසුවීම්වලදී දඬුවම් ලෙස දඩ ගැසීම, වෘත්තීයේ ස්වභාවය නිසා ඇති වන වෙහෙස ශාරීරික පීඩා සහ වැඩිදෙනා ජීවත්ව සිටි මුඩුක්කු පරිසරය වැනි හේතූන් නිසා කම්කරුවන් අතර පැවතුණේ දැඩි පීඩනයකි. වැටුප් වැඩි කිරීම පිළිබඳවත් වැටුප් ගෙවීම ප‍්‍රමාද නොකර ක‍්‍රමවත්ව ගෙවන ලෙසටත් හා සේවක සුබසාධනය පිළිබඳවත් ඉල්ලීම් කේව් සමාගමට ඉදිරිපත් කළ මුත් පාලනාධිකාරිය විසින් එම ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන ලදි.
1893 සැප්තැම්බර් මාසයේදී කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවෝ තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා සියලු සේවාවන් නවත්වා වැඩ වර්ජනයක් ආරම්භ කළහ. ශ‍්‍රී ලංකාවේ සංවිධානාත්මක පළමු වැඩ වර්ජනය මෙය වුවත් වර්ජනය මෙහෙයවීමට කම්කරු සමිතියක් හෝ කමිටුවක් හෝ පිහිටුවා ගෙන නොතිබුණි. එබැවින් වැඩ වර්ජනයේ දෙවැනි දිනයේදී ලිස්බෝ පින්තු සහ ඔහුගේ සටන් සගයා වූ බුල්ජෙන්ස් විසින් ප‍්‍රසිද්ධ රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලදි. එම රැස්වීමේ අරමුණ වූයේ කම්කරු ඉල්ලීම් හා අයිතිවාසිකම් දිනා ගැනීමට මෙන්ම සමිතියක් වශයෙන් එකමුතු වීම තුළින් සටන ශක්තිමත් වන ආකාරය පහදා දීමය. රැලිය ඇරඹීමට පෙර කම්කරු සමිතිය පිහිටුවන ලදි. එය ශ‍්‍රී ලංකාවේ පළමු කම්කරු සමිතියයි. මේ අනුව ශ්‍රී ලංකාවේ පළමු කම්කරු සමිතිය පිහිටුවීමට ලිස්බෝ පින්තු මූලික වී කටයුතු කළේය.
එම්. තාරික්