Wednesday, April 23, 2025
Home » හෙද ගැසට්ටුව ගැන ඉල්ලීමක්

හෙද ගැසට්ටුව ගැන ඉල්ලීමක්

by sachintha
February 19, 2025 1:57 am 0 comment

පසුගිය වසරවල අ.පො.ස. උසස්පෙළ විභාගයට විද්‍යා හා ගණිත අංශවලින් පෙනී සිට සමත්ව රජයේ සිසු හෙද පුහුණු පාඨමාලාවට අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින දහස් සංඛ්‍යාත සිසු සිසුවියන් මැසිවිලි නඟන්නේ ඔවුනට වසර හතරක් ගත වී ඇතත් 2020සිට 2022 දක්වා ගැසට් හෙද ගැසට් පත්‍රය නිකුත් නොකිරීම නිසාය.

හෙද සේවයට එක්වීමට ඇති දැඩි කැමැත්ත නිසාම ඔවුන් රජයේ විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ, උසස් ජාතික ඩිප්ලෝමා ආදී කිසිදු උසස් අධ්‍යාපන අවස්ථාවකට ලියාපදිංචිය සිදු නොකර 2020/2021/2022 සිසු හෙද පුහුණු ගැසට් පත්‍රය නිකුත් වන තෙක් අපේක්ෂාවෙන් සිටියි. රජයේ විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ, උසස් ජාතික ඩිප්ලෝමා ආදී රජයේ නිදහස් උසස් අධ්‍යාපන වරප්‍රසාදයක් ලබා ගන්නා සිසු සිසුවියකට සිසු හෙද පුහුණුවට අයදුම් කිරීමට හෝ නොහැකි වීම ඊට හේතුවයි.

මේ අතරින් බහුතරයක් සිසුවියන් වන අතර ඇතැම් සිසු සිසුවියන්ගේ වයස අවුරුදු 26,27 ඉක්මවීමට ආසන්න නිසා සිසු හෙද පුහුණු පාඨමාලාවට සුදුසුකම් නොලැබේ දැයි ඔවුන් දැඩි කණස්සල්ලෙන් පසුවේ. සිසු හෙද පුහුණු පාඨමාලාවට අයදුම් කළ හැකි උපරිම වයස අවුරුදු 28වීම ඊට හේතුවයි.

මෙරට රෝහල් තුළ සිටිය යුතු හෙද හෙදියන් ගණන 88000ක් පමණ වුවද දැනට සිටින හෙද හෙදියන් ගණන 30000ක් පමණ වන බව සමස්ත ලංකා හෙද සංගමය ද පවසයි. තවද හෙද හෙදියන් විශාල වශයෙන් රට අතහැර යාමත් සමඟ හෙද හෙදියන්ගේ පුරප්පඩු ගණන තවත් ඉහළ යමින් පවතියි.

එනිසා අප ඉල්ලා සිටින්නේ මෙම බඳවා ගැනීම් පිළිබඳ ගැසට් පත්‍රය ඉක්මන් කරන ලෙසය.

උපේක්ෂා පෙරේරා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT