Wednesday, April 23, 2025
Home » කම්කරු නීතියේ අඩුපාඩු නිවැරැදි කරමු

කම්කරු නීතියේ අඩුපාඩු නිවැරැදි කරමු

by sachintha
February 19, 2025 1:54 am 0 comment

කම්කරු නීතිය යනු කුමක්ද? කම්කරු නීතිය ලංකාව තුළ ඇතුළත් වන්නේද? යන කරුණු කාරණා පිළිබඳව නීතිඥ ජානක අධිකාරි මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.

කම්කරු නීතිය යනු කුමක්ද යන්න සැලකීමේදී මෙය කම්කරුවන්ගේ නීතියක් ලෙස ආන්තික ගතියක් මෙතුළ හැඟී යයි. නමුත් කම්කරු නීතිය යනුවෙන් අදහස් වන්නේ රට තුළ සේවකයා සහ සේවා යෝජකයා අතර සම්බන්ධතාවයි. එය පවත්වාගෙන යාමේදී සේවකයාගේ අයිතිය කුමක්ද සේවායෝජකයාගේ අයිතිය කුමක්ද යන කාරණා දෙකම පැහැදිලිව සඳහන් කළ හැකිය. මෙම කම්කරු නීතිය කම්කරුවාට අදාළව පමණක් තේරුම් ගතහොත් එහි වරදකි. ශ්‍රී ලංකාව තුළ සිදුවන වරදක් නම් කම්කරු නීතිය තුළ සම්පූර්ණයෙන්ම කම්කරුවාගේ අයිතිවාසිකම් පමණක් කියවෙන බවයි. කම්කරු නීතිය තුළ විශාල අයිතින් කොටසක් ආවරණය වනු ඇත. කම්කරුවෙකු ලෙස ගතහොත් මැවෙන චිත්‍රය හා කම්කරු නීතිය තුළින් ආවරණය වන කොටස එකිනෙකට වෙනස් වේ. එලෙසම ශ්‍රී ලංකාව තුළ කම්කරු නීතිය ක්‍රියාත්මක වේ. නමුත් කම්කරු නීතිය ලෙස නම් කළ පොතක් නොමැත. ලංකාව තුළ කම්කරුවන් හෙවත් සේවකයන්ට අදාළව නීති ක්‍රියාත්මක වේ. එම අණ පනත් පුද්ගලික අංශයට සහ අර්ධ රාජ්‍ය අංශයට අදාළව ක්‍රියාත්මක වේ. ප්‍රධාන අණ පනත් 31 පවතී. උදාහරණ වශයෙන් වෘත්තීය සමිති ආඥා පනත, පඩි පාලක සභා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත, කාර්මික ආරවුල් පනත, සේවක වන්දි පනත, අරමුදල් ගෙවීමේ පනත, සේවය අවසන් කිරීමේ පනත වැනි පනත් තිබේ. එම සියලු නීති ක්‍රියාත්මක තලයේ පැවතුණද ඒවා ක්‍රියාත්මක වේද යන්න ගැටලුවකි. එලෙසම මෙම කම්කරු නීති ක්ෂේත්‍රයට අලුතින් එකතු විය යුතු කරුණුද බොහෝය. පළමු කාරණය නම් ලෝකය තුළ වෙ‍ෙළඳපොළ ආර්ථික ක්‍රමවේදයන්, ආර්ථික රටාවන් වෙනස් වෙමින් පවතී. එවිට ඒ විවිධ ආර්ථික ක්‍රමවේදයන් තුළ ඇතැම් ක්‍රමයන් පවතින අණ පනත්වලින් ආරක්ෂා නොවේ. කම්කරු නීතියක් තුළ විශේෂයෙන් ආරක්ෂාව ගොඩනැඟෙන්න අවශ්‍ය සේවකයන්ට, කම්කරුවන්ට එයට හේතුව නම් සේවකයා එසේත් නැතිනම් කම්කරුවා යනු ආර්ථික වශයෙන් දුබල පාර්ශ්වයයි. එලෙසම රටෙහි ගිවිසුම ඇති වන්නේ දුර්වලයන් සහ ප්‍රබලයන් අතර. එම අවස්ථාවේදී ඒ ප්‍රබලයා විසින් දුබලයා යටපත් කරනු ලබයි. එලෙස නොවී සාධාරණත්ව තලයකට පත්කිරීමට කම්කරු නීතිය සකස් විය යුතුය.

ලෙසම තවත් නව සංකල්පයක් නිර්මාණය වී තිබෙන්නේ gig ආර්ථිකයක් නමින් එය සමහරු ඔන්ලයින් ක්‍රමයට වැඩ කරනු ලබයි. ඇතමුන් app හරහා වැඩ කරයි. ඒ apps, online වැඩකරන අයට සේවායෝජකයා කවුදැයි කියා පැහැදිලි නැත. ඒ ඒ සේවකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඕනෙ කවුද? ඔවුන් සේවකයෝ ද එසේ නැතිනම් සේවකයො නොවේ නම් එයාලා කවුද මේ වගේ බරපතළ සංකීර්ණ තත්වයක් නිර්මාණය වෙලා තිබේ.

මෙම අලුත් ආර්ථික සංකල්පයන් සහ ක්‍රමවේදයන් සමඟ තාක්ෂණයේ දියුණුවත් සමඟ ඒ ඒතැන්වලට ගැළපෙන නීති අලුතෙන් ගොඩ නැගීමට අවශ්‍යව තිබේ. තවද කම්කරු නීතියක් පැවතුනත් එය සාධාරණව ක්‍රියාත්මක වන්නේද සම්බන්ධයෙන් ගැටලු පවතී. වර්තමානයේ දී රට තුළ තිබෙන මූලිකම කාරණයක් නම් නීතිවල අඩුපාඩුවක් නොවේ. පවතින නීති ක්‍රියාත්මක වීමේදී පවතින අඩුවයි.එය අපරාධ නීති සම්බන්ධයෙන්, සිවිල් නීති සම්බන්ධයෙන්, කාර්මික නීතිය සම්බන්ධයෙන් ආදී සෑම තැන්හිදීම අඩුපාඩු පවතී. මේ තත්ත්වය නිවැරැදි කර ගැනීම ඉක්මනින් කළ යුතුය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT