Monday, April 21, 2025
Home » පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

by chanaka
February 19, 2025 9:42 pm 0 comment

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම් දෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

252 වන අධිකාරය වන මහා නගර සභා ආඥාපනතේ 10 වන වගන්තියේ (1) වන උපවගන්තියේ (ආ) ඡේදයෙන් පැවරී ඇති බලතල ප්‍රකාර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අභයරත්න මහතා විසින් මෙය නියමය කර තිබුණි.

පළාත් පාලන ආයතන 337 ට මහ නගර සභා 27 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 274 ක් ඇතුළත් වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT