Home » අලුත්කඩේ ඝාතනයට වෙස්වලාගත් නීතීඥවරියක් ද ඇවිත්

අලුත්කඩේ ඝාතනයට වෙස්වලාගත් නීතීඥවරියක් ද ඇවිත්

by yasara
February 19, 2025 3:25 pm 0 comment

අද  උදෑසන අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සඳහා නීතිඥවරයෙකු සහ නීතිඥවරියක් ලෙස වෙස්වලාගත් දෙදෙනෙකු පැමිණ ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා කියා සිටියේය.

මෙහිදී නීතිඥයෙකු ලෙස වෙස්වලාගත් පුද්ගලයා හිස් අතින් අධිකරණය තුළට පැමිණ ඇති බවත් ඉන් අනතුරුව අදාළ කාන්තාවගෙන් ගිනිඅවිය ලබාගෙන ඇති බවත් සිදුකළ පරීක්ෂණ අනුව හෙළි වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ගණේමුල්ල සංජීව විත්තු කූඩුවෙන් බැසීමට ආසන්න වෙන අවස්ථාවේ අදාළ පුද්ගලයා විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මෙහිදී වෙඩි තැබීමෙන් පසු ඇති වූ කලබලය අතර අදාළ රිවෝල්වරය බිම දමා වෙඩික්කරු ප්‍රධාන දොරටුව ඔස්සේ පලා ගොස් ඇති බව සඳහන් වෙයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT