Home » ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හඳුනා ගැනේ

ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ වෙඩික්කරු හඳුනා ගැනේ

by yasara
February 19, 2025 11:55 am 0 comment

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ දී වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා මේ වනවිට හඳුනාගනෙ ඇති බව පොලීසිය පවසයි.

වෙඩික්කරු අධිකරණ භූමිය තුළට පැමිණි මොහොතේ ලබාගත් ඡායාරූපයක් මේ වන විට මාධ්‍යයට නිකුත් කර ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ගණේමුල්ල සංජීව නැමැත්තාට අද උදෑසන අලුත් කඩේ උසාවි භූමියේ දී වෙඩි තැබිණි.

ඒ ඔහු නඩු කටයුත්තක් සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අද උදෑසන අලුත්කඩේ උසාවියට රැගෙන ආ අවස්ථාවේ දීය

නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇතැයි අනාවරණය වී ඇත

වෙඩි තැබීමට උපයෝගී කරගත් රිවෝල් වරය උසාවි පරිශ්‍රයේ තිබී සොයා ගෙන ඇත

මේ වන විට උසාවි භූමියේ ආරක්ෂාව තර කළ ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

ගණේමුල්ලේ සංජීව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දා අත්අඩංගුවට ගෙන තිබිණි.

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට මෙම සැකකරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි.

2021 වසරේදී තලෙයිමන්නාරම ප්‍රදේශයෙන් බෝට්ටුවක් හරහා ඉන්දියාවට ගොස් ඇති සංජීව පසුව නේපාලයේ කත්මන්ඩු වෙත ගොස් එතැනින් දෝහා කටාර් වෙත පිටත්ව ගොස් ඇති බව පැවසේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වී ඇත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT