Tuesday, April 22, 2025
Home » මම ද මළ ගිය අයෙක් වෙමි!

මම ද මළ ගිය අයෙක් වෙමි!

by Gayan Abeykoon
February 19, 2025 1:00 am 0 comment

සමුගැනීමේ තිළිණය
නත්තල් සමයෙදි ඔබ
තැබුවෙහි මහදෙහි
දින පොතක්
එතුළ එය බිඳිණි
මිලියනයක්
නිමේෂයනට
දැවෙන රුදු වේදනා
අපේක්ෂාවෙන්
මඟ බලාගෙන සිටින

කුරිරුය ඒ තිළිණය,
දැන් ඔබට
වියෝ වී සිටිය හැක
වසරක්ම
ඉනුත් පසුව වුව

නොදනිතිද ඔබ එය
පිපිර ගිය දින පොතෙහි
කැබලි සුන්බුන්
ඉතිරි වේ වැළැලී
ඇට මිදුළු තුළ
මුසුව අන්
මතකයන් හා

නත්තල් සමයෙදී ඔබ
දුන්නෙහිය මට දින පොතක්
නව වසර මහලු වී
යන්නටත් පෙර
එද එහි
සුදෝ සුදු පැහැති
හිස් පිටු විලස
මමද
මළ ගිය අයෙක් වෙමි

This Other Eden යනු මෙතෙක් පළවූ රිචඩ් ද සොයිසාගේ එකම කාව්‍ය සංග්‍රහයයි. මෙරට ‘ඉංග්‍රීසි සංගමය’ විසින් එය පළකරන ලද්දේ ඝාතනයෙන් වසරකට පසුව ය. එම කාව්‍ය සංග්‍රහයේ එන මෙම කවිය ‘‘මම ද මළ ගිය අයෙක් වෙමි’ යන්නෙන් අනුවර්තනය කර තිබුණේ දයාසේන ගුණසිංහ විසිනි. ප්‍රවේශ වෙත උපුටා ගැනීම ප්‍රභාත් චින්තක මීගොඩගේ සංස්කරණය කරන ලද ‘රිචඩ් ද සොයිසා නිහඬ කළ හඬ’ කෘතියෙනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT