මෙම පරීක්ෂණවලින් කිසිම ප්‍රතිඵලයක් ලැබී නැති බව දැන් පැහැදිලි ය. පරීක්ෂණ සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම පෙර දක්නා නොලද්දකි. මගේ සේවාදායක දොස්තර සර්වනමුත්තු මහත්මිය ඇගේ පුත්‍රයාගේ මරණින් මාසයකට පසුව උසාවියට ඉදිරිපත් වී පරීක්ෂණ වාර්තා සහ සාක්ෂිකරුවන්ගෙන් සටහන් කරගත් කට උත්තර කෙටි පිටපත් ඒ වන විටද, පොලීසිය විසින් උසාවියේ ගොනු කර නොතිබීම ගැන උසාවියේ අවධානය යොමු කළා ය. සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ සාක්ෂි පිටපත් ඉදිරිපත් කරන ලෙස පොලීසියට හය වරක්ම කියා ඇත. නමුත් ඒවා තවමත් තමා වෙත ඉදිරිපත් කර නැති බව පසුගිය නඩු දිනයේදී මහේස්ත්‍රාත්වරිය පැවසුවාය. ඊට ඉහත අවස්ථාවක දී පොලිස් විමර්ශකයන් හා සැකකාර පොලිස් නිලධාරියාගේ නීතිඥවරුන් උසාවියේදී විවෘත ලෙස එක්ව ක්‍රියාකිරීම විවේචනයට ලක් කළ මහේස්ත්‍රාත්වරිය විසින් ඒ බව ලිඛිතව සටහන් කරන්නට යෙදුණි. පොලිස් විමර්ශකයන් විසින් ඒ ආකාරයෙන් ක්‍රියාකිරීම ගැන මම පුදුම නොවෙමි. මේ තත්ත්වය ගැන මා 90-06-25 වන දින දරන ලිපියෙන් පොලිස්පතිවරයාට දැන්වීමෙන් පසු ඔහු ඊට පිළියමක් නොයෙදීම ගැනද මම පුදුම නොවෙමි. මෙය පොලීසිය විසින් පොලීසිය ගැනම පරීක්ෂණ පැවැත්වෙන සිද්ධියකි.
(දිවමන් පන්හිඳ – බැටී වීරකෝන්-41-42 පිටුව)