Wednesday, April 23, 2025
Home » තිස් පස් වසරකට පසු!

තිස් පස් වසරකට පසු!

by Gayan Abeykoon
February 19, 2025 1:04 am 0 comment

රිචඩ්ට සමුදෙන්න මට බෑ

සිනමාවේදී සත්‍යජිත් මාඉටිපේ

රිචඩ් කියන්නේ මට හමුවුණු විශිෂ්ටතම සහෝදරයෙක්.මගේ ජීවිතය මනෝරාණී සහ රිචඩ් කියන්නේ අතිශය මානුෂීය ගතිලක්ෂණ තිබුණු අම්මෙක් හා පුතෙක්. මට ඒ අයට සමුදෙන්න බෑ. ඒක කවදාවත් කරන්න බෑ. ඒ නිසා මට එයාලා ගැන කියැවෙන චිත්‍රපටය බලන්නත් බෑ. රිචඩ්ගේ වගේම රාජිණි තිරණාගම යන දෙදෙනාගේ  මරණවල සංකීර්ණතාවක් තියෙනවා. ඒ කාලෙ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මැරුණනෙ. ඒ මැරුණු  අයගේ ජීවිතවලටත් ඒ  වටිනාකම තියෙනවා. ඒත් රටට  විශාල වශයෙන් බුද්ධිමය ආලෝකයක් දෙන්න හිටපු දෙන්නෙක් තමයි ඒ. ඒ අඩුව කාටවත් පුරවන්න හැකියාවක් නෑ. ඒ අය ජාතින් අතර සහෝදර බැම්මක් ඇති කරන්න සෑහෙන වෙහෙසක් දරපු දෙන්නෙක්. පටු දේශපාලන වාසි ලබා ගැනීමකින් තොරව ගැඹුරු තැනකින් ඓන්ද්‍රීයව බැඳෙන එහෙම අය අද ඉන්නවද කියන සැකය තියෙනවා.

 

 

රිචඩ් ගැන මගේ ප්‍රකාශනය තමා මගේ  ෆිල්ම් එක

ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම

 

මං ෆිල්ම් එකක් කරපු හින්දනෙ අද ගොඩක් දෙනෙක් රිචඩ් ගැන කතා කරන්නෙ.  ෆිල්ම් එක තමයි මගේ ප්‍රකාශනය. ඒක කිව්වම ඇති. ඊට වැඩිය කියන්න දෙයක් නෑ. ආයෙ පුද්ගලිකව කියන්නෙ මොනවද?

 

 

 

පම්පෝරි නැතිව නිහඬව විශාල මෙහෙයක් කරපු කෙනෙක්

පරාක්‍රම නිරිඇල්ල

1974 විතර ඉගෙන ගන්න කාලෙ එයා නාට්‍යවල රඟපෑ අයුරු මං දැක තිබෙනවා. ඒත් ඒ කාලෙ වැඩිය ආශ්‍රය කරල තිබුණෙ නෑ. රූපවාහිනි සංස්ථාවේ නිෂ්පාදකයෙකු ලෙස මං  වැඩ කරන කාලෙ, ඒ කියන්නේ 1982-88 වගේ කාලෙක තමයි මට එයාව ළඟින් ඇසුරු කරන්න ලැබුණේ.  ප්‍රවෘත්ති නිවේදකයෙක්, වැඩ සටහන් සම්පාදකයෙක්  ලෙස ඔහු වැඩකරමින් සිටියා. ඔහු 1985 දී විතර මං නිර්මාණය කළ ‘යශෝරාවය’ ටෙලියෙ චරිතයක් නිරූපණය  කළා. ඒ වීරසේකර පවුලේ දරුවෙක් විදිහට. ඒ කාලෙ රිචඩ්  දවස් 10 ක් විතර වගේ රූගත කිරීම්වලට ආවේ  රූපවාහිනියේ වැඩකරන අතරතුරයි. අයිරාංගනී, ජී.ඩබ් සුරේන්ද්‍ර, ලකී ඩයස් වගේ ප්‍රවීණයෝ ගොඩක් ඒකෙ මාත් එක්ක වැඩ කළා.  ඒ අතර  රිචඩ්ද සොයිසා  කොළඹ ඉහළ මධ්‍යම පන්තික සමාජයේ හැදුණු වැඩුණු, ඒ සමාජයේ බුද්ධිමත් සමාජ පරිසරයක් නියෝජනය කළ කෙනෙක්.  නිතර පොත පත කියෙව්වා. රූගත කිරීම් කරද්දි නිහතමානීව වැඩි පහසුකම් ආප්ක්ෂා නොකර තියෙන දේ බෙදාහදා ගෙන එකට වැඩ කරන්න පෙළඹුණා. සමහර දවස්වල  රූ ගත කිරීම් ඉවර වෙද්දි රෑ  11-12 වෙනවා. රූපවාහිනියේ වාහනයකින් ගෙදරට යවන්න හදද්දි කවදාවත් ඒ වාහනෙන් ගෙදර යන්න කැමති වුණේ නෑ. කෙලින්ම පාරෙ බස් එකේ තමා යන්නෙ. බස් ස්ටෑන්ඩ් එකට පයින් ඇවිද ගෙන යනවා. සමහර විට බස් නැතිනම් පැය ගණන් හෝල්ට් එකේ වාඩිවෙලා ඉන්නවා. ඒ නිසා රිචඩ් කෙරෙහි මගෙ ලොකු ගෞරවයක් තිබුණා. රිචඩ්ගෙ තිබුණු සමහර වෘත්තිය ලක්ෂණ බොහෝ දෙනෙක් තුළ දකින්නට නෑ. බොරු  පම්පෝරි නැතිව නිහඬව විශාල සේවයක් කරපු කෙනෙක් තමයි ඒ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT