Tuesday, March 25, 2025
Home » රිවස්ටන් අතරමං වූ මිත්තණිය සහ මුණුපුරා දිනකට පසු හමුවෙයි – කූඩැල්ලන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වෙලා

රිවස්ටන් අතරමං වූ මිත්තණිය සහ මුණුපුරා දිනකට පසු හමුවෙයි – කූඩැල්ලන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වෙලා

by chanaka
February 18, 2025 12:30 pm 0 comment

රිවස්ටන් පුංචි ලෝකාන්තය නැරඹීමට පොළොන්නරුවේ සිට පැමිණි පිරිසක් අතර සිටි මිත්තණියක සහ 16 හැවිරිදි ඇයගේ මුණුපුරා කැලයේ අතරමං වී සිටියදී පොලිසිය යුද හමුදාව සහ වනජීවි නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ද එක්ව රැයක් පුරා සිදු කළ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව සොයා ගෙන ඇතැයි ලග්ගල පල්ලේගම පොලීසිය පවසයි.

පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ සිට 20 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් වශයෙන් ඉකුත් 16 වැනි දින පැමිණ ඇති මෙම පිරිස අතර සිටි 16 හැවිරිදි දරුවෙකු සහ ඔහුගේ 58 හැවිරිදි මිත්තණිය අතුරුදහන් වී ඇති බවට ලග්ගල පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව එදින අලුයම් කාලය වන තෙක් සොයා බැලුවද ඔවුන් පිළිබඳව තොරතුරක් හමුනොවූ බව පොලිසිය කියයි.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී රෙඩ් බානා ඇල්ල කඳුවැටියේ සිටියදී ඊට පසු දින ඔවුන් සොයාගෙන ඇති අතර සිය ඇල්ල නරඹා ආපසු එමින් සිටියදී රාත්‍රී අඳුරු වැටීම හේතුවෙන් මග සොයා ගැනීමට නොහැකිව ඔවුන් එම දිය ඇල්ල අසල ගලක් උඩ රාත්‍රී ගත කළ බව පසුව පොලිසියට පවසා තිබේ.

ඔවුන් දෙදෙනා කූඩැල්ලන්ගේ දැඩි ප්‍රහාරයට ලක් වීම හේතුවෙන් ලග්ගල රෝහලට ඇතුළත් කොට තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT