Home » උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තාවක්

උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ වාර්තාවක්

by chanaka
February 18, 2025 12:01 pm 0 comment

මිනිත්තු 57කට අඩුකාලයකදී අර්ධ මැරතන් පිරිමි ධාවන තරගයක් ජයගත් ලොව පළමු ක්‍රීඩකයා ලෙස උගන්ඩාවේ 24 හැවිරිදි ජීකොබ් කිප්ලිමෝ වාර්තා අතරට එක්වේ.

ඒ, ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පසුගිය 16වැනිදා පැවැති අර්ධ මැරතන් තරගයක් මිනිත්තු 56යි තත්ත්පර 42කින් අවසන් කරමිනි.

උගන්ඩාවේ ජීකොබ් කිප්ලිමෝ මෙම අර්ධ මැරතන් තරගයේදී කිලෝමීටරයක දුරක් ගමන් කිරීමට ගත කර තිබූ කාලය ආසන්න වශයෙන් මිනිත්තු 2යි දශම 6යි 8ක් ලෙස දැක්වේ.

ක්‍රීඩා ලෝකය මවිතයට පත් කරන සිදුවීමක් ලෙස ද විදෙස් මාධ්‍ය මෙය වාර්තා කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT