Home » 19න් පහළ බාලිකා ක්‍රිකට් මොරටුව වේල්ස් කුමරියෝ කුලුඳුල් ශූරතාව දිනති

19න් පහළ බාලිකා ක්‍රිකට් මොරටුව වේල්ස් කුමරියෝ කුලුඳුල් ශූරතාව දිනති

by sachintha
February 18, 2025 1:30 am 0 comment

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කළ අවුරුදු 19න් පහළ බාලිකා පළමු කොට‍සේ ක්‍රිකට් තරගාවලියේදී පාසල් ක්‍රිකට් පිටියේ පළමු කොටසේ කුලුඳුල් ශූරතාවට හිමිකම් කීමට විශ්මි සොයිසාගේ නායකත්වයෙන් යුත් මොරටුව වේල්ස් කුමරි විදුහල සමත් විය.

පාසල් කණ්ඩායම් 10ක් සහභාගි වූ මෙවර තරගාවලියේ අවසන් තරගය ඉරිදා (16) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවති අතර, එහිදී මොරටුව වේල්ස් කුමරි විදුහල මෙවර තරගාවලියේ අපරාජිතව පසුවෙමින් නුගේගොඩ අනුලා විදුහල ලකුණු 149කින් පැරදවීය.

වේල්ස් කුමරි ඉනිම වෙනුවෙන් නායිකා විශ්මි සොයිසා ලකුණු 71ක් රැස් කළ අතර, එම ඉනිම ගොඩනැංවීමට උමයංගනා පීරිස් (46) සහ ශෂානි පෙරේරා (26) දායක වූහ. දිනදි තිනායා ලකුණු 28කට කඩුලු 2ක් දවා ගත්තාය.

අනුලා ඉනිම ගොඩනැංවීමට දැහැමි සනෙත්මා (29) සහ යෙනුලි සත්නදී (27) දායක වූ අතර, වේල්ස් කුමරි පිලේ, ඉමාෂා චලනි ලකුණු 21කට කඩුලු 4ක් සහ දිනිති දේවින්ද්‍යා ලකුණු 11කට කඩුලු 2ක් දවාලීමට සමත් වූහ.

වේල්ස් කුමරි විදුහල – 247/7 (ඕවර 50) විශ්මි සොයිසා 71, උමයංගනා පීරිස් 46, ශෂානි පෙරේරා 26 (දිනදි තිනායා 28/2)

අනුලා විදුහල – 98 (ඕවර 32.2) දැහැමි සනෙත්මා 29, යෙනුලි සත්නදී 27 (ඉමාෂා චලනි 21/4, දිනිති දේවින්ද්‍යා 11/2)

ඉෂානි යද්දෙහි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT