Monday, April 21, 2025
Home » සෝමාවතී රක්ෂිතයේ හොරෙන් දර කැපූ 7ක් බඩුත් එක්ක මාට්ටු

සෝමාවතී රක්ෂිතයේ හොරෙන් දර කැපූ 7ක් බඩුත් එක්ක මාට්ටු

by sachintha
February 18, 2025 1:19 am 0 comment

නීති විරෝධීව සෝමාවතී රක්ෂිතයට ඇතුළු වී දර කපාගෙන යමින් සිටි ට්‍රැක්ටර් 7ක් සමඟ පුද්ගලයන් කිහිපදෙනකු පෙරේදා (16) පස්වරුවේ අත්ඩංගුවට ගත් බව සේරුනුවර වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීහු පැවසූහ. මෙහිදී තවත් කිහිපදෙනකු නිලධාරීන් දුටු විගස පලා ගොස් ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ට්‍රැක්ටර් 5ක් හා ලෑන්ඩ්මාස්ටර් දෙකක් සමඟ එහි රියැදුරන් හත්දෙනෙකි. අත්අඩංගුවට පත් සැකකරුවන් සියලු දෙනාම සේරුනුවර හා ඒ අවට පදිංචි වයස අවුරුදු 20 – 25 අතර පුද්ගලයෝ ය. සැකකරුවන් ඊයේ (17) මුතූර් අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු යොදා තිබිණි.

කන්තලේ සමූහ – සුමිත්‍රා කුමාරිහාමි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT