Monday, April 21, 2025
Home » නීති විරෝධීව ධීවර රැකියාවේ යෙදුණු 3ක් කොටු

නීති විරෝධීව ධීවර රැකියාවේ යෙදුණු 3ක් කොටු

by sachintha
February 18, 2025 1:18 am 0 comment

නීති විරෝධී ලෙසින් කිමිදෙමින් ධීවර රැකියාවේ නිරත වූ ධීවරයින් තිදෙනකු, ධීවර යාත්‍රාව, මුහුදු කූඩැල්ලන්, හක් බෙල්ලන් හා කිමිදුම් උපකරණ රැසක් ද සමගින් කල්පිටිය සින්න අරිච්චල් කළපු ප්‍රදේශයේ දී පෙරේදා (16) වරාය ආරක්ෂක කුඩා යාත්‍රා සංචිතයේ නාවිකයින් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පුත්තලම පදිංචි 40,43 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු හා කල්පිටියේ පදිංචි 35 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට පත් ද්‍රව්‍ය අතර මුහුදු කූඩැල්ලන් 139ක්, හක් බෙල්ලන් 22ක්, කිමිදුම් ටැංකි 10ක්, කරමල් යුගල් දෙකක්, කිමිදුම් පටි, මුඛ ආවරණ ඇතුළු කිමිදුම් උපකරණ පවතී. සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාර දී ඇත.

මේ පිළිබඳව ධීවර හා ජලජ සම්පත් පුත්තලම කාර්යාලයේ සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී පැවසුවේ, වලංගු බලපත්‍රයක් සන්තකයේ නොමැතිව ධීවර කටයුතුවල නිරත වීම, ආරක්ෂක අංශ අණ නොතකා ධාවනය කිරීම යන වැරදි සඳහා සැකකරුවන් සහ නඩු භාණ්ඩ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT